The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන අධිකරණයට දැනුම්දීමක්

T

The Leader Desk

October 31, 2025 • 11:24 AM

අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන අධිකරණයට දැනුම්දීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා මෙම දැනුම්දීම සිදු කළේය.
  • වසරේදී මැඩගස්කර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්පිතගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු සහ හරක් කටා නැමැත්තන් වෙනුවෙන් පෙනී සිටීම සදහා තවත් නීතීඥවරුන් දෙදෙනකු සමග මැඩගස්කරයට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
  • අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥවරිය මීට පෙරත් කෙහෙල්බද්දර පද්මේගේ නඩුවලට පෙනී සිට ඇති බවට අනාවරණය වී තිබේ.
  • ඒ අනුව, අධිකරණ නියෝග මත ඇයගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, ඇයගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටත් පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා මෙම දැනුම්දීම සිදු කළේය.

කරුණු රැසක් අනාවරණය වෙයි

ගණේමුල්ලේ සංජීව ඝාතනය සඳහා ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ තමරා අබේරත්න නම් නීතීඥවරිය සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්පිතගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු සහ හරක් කටා නැමැත්තන් වෙනුවෙන් පෙනී සිටීම සදහා තවත් නීතීඥවරුන් දෙදෙනකු සමග මැඩගස්කරයට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් නීතීඥවරිය, ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට අධිකරණ භූමියට ඇතුළුවීමට නීතීඥ හැදුනුම්පත්, නීතිඥ කබාය සහ නඩු විධාන සංග්‍රහය පොත, නීතිඥ හැදුනුම්පත් නිර්මාණය කරදී ඊට ඇයගේ අත්සනද යොදා ඇති බවත් වෙඩික්කරුට සහ ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට වාහනයේ ගමන් කිරිමේදී නීතිඥවරුන් භාවිතා කරන ස්ටිකර් ආදියද සැකකාර නීතීඥවරිය විසින් සලසා දී ඇති බවත් විමර්ශන මගින් හෙළිවී ඇති බව ද විමර්ශන නිලධාරීහු පවසති.

අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥවරිය මීට පෙරත් කෙහෙල්බද්දර පද්මේගේ නඩුවලට පෙනී සිට ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව, අධිකරණ නියෝග මත ඇයගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, ඇයගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටත් පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සැකකාර නීතිඥවරිය ඉකුත් ජුනි මාසයේදී කටුනායක ගුවන් තොටුපොළින් සිංගප්පූරුව හරහා ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවටද අනාවරණය වී ඇති බවද වාර්තා වේ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...