බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත.
ගෝලීය ආයෝජන හවුල්කාරිත්වය සම්බන්ධයෙන් හනීෆ් යුසුෆ් සතු අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහු දැක් වූ දිගු කාලීන දායකත්වය සැලකිල්ලට ගනිමින් රජයේ ආර්ථික පුර්නජි වනය සඳහා වන වැඩපිළිවෙළට දායක වීමට ඔහුට ඇති හැකියාව අගයමින් මෙම පත්වීම සිදු කර තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර ආයෝජකයින් සහ උපාය මාර්ගික හවුල්කරුවන් සමඟ ඉහළ මට්ටමේ සංවාදයකට පහසුකම් සැලසීම, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම සහ විදේශ සෘජු ආයෝජන (FDI) මෙරටට කැඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වීම, ප්‍රමුඛ ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ඒවා වර්ධනය කර ඉදිරියට ගෙන යාම සඳහා සහාය වීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), වරාය නගර කොමිසම සහ අදාළ රේඛීය අමාත්‍යාංශ සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම ඔහු වෙත පැවරී ඇති වගකීම වේ.
රට තුළ තිරසාර විදේශ ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීමටත්, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවර භාවය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමටත්, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත් රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම මේ තුළින් අපේක්ෂා කෙරේ.
හනීෆ් යුසුෆ් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට අමතරව ගරු සේවයක් ලෙස මෙම ධුරයේ කටයුතු කරයි.





