The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

ගනේමුල්ල සංජීව ඝාතනය: සැකකාර නීතිඥවරිය ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

T

The Leader Desk

October 31, 2025 • 4:01 PM

ගනේමුල්ල සංජීව ඝාතනය: සැකකාර නීතිඥවරිය ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිඥවරිය දින 90 ක කාලයක් තවදුරටත් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (ඔක්තෝම්බර් 31 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
  • මෙම සැකකාර නීතිඥවරිය තවදුරටත් දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.
  • එම නීතිඥවරියගේ ජංගම දුරකථන දෙකක් පොලිසිය භාරයට ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව ද ඔහු අධිකරණයට දැනුම් දී තිබේ.
  • එම සැකකාරිය දීර්ඝ කාලයක් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග සම්බන්ධකම් පවත්වා ඇති බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව ද පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිඥවරිය දින 90 ක කාලයක් තවදුරටත් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (ඔක්තෝම්බර් 31 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සම්බන්ධයෙන් කළ විමර්ශන පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග.එස්. බෝදරගම ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ප්‍රේම කුමාර මෙම දැනුම්දීම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න නමැත්තිය අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බව සඳහන් කළේය.

මෙම සැකකාර නීතිඥවරිය තවදුරටත් දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.


මෙම සැකකාර නීතිඥවරිය ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කළ වෙඩික්කරුට අවශ්‍ය කරන ටයි පටි දෙකක්, නීතිඥවරුන්ගේ වාහනවල භාවිතා කරන ලාංඡනය සටහන්වූ ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන ග්‍රන්ථ දෙකක්, නීතිඥ හැදුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය ඡායාරූප ආදිය ලබාදී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරියා පැවසුවේය.


එම නීතිඥවරියගේ ජංගම දුරකථන දෙකක් පොලිසිය භාරයට ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව ද ඔහු අධිකරණයට දැනුම් දී තිබේ.

එම සැකකාරිය දීර්ඝ කාලයක් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග සම්බන්ධකම් පවත්වා ඇති බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව ද පැවසුවේය.


වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේවන විට අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද දැනුම් දුන්නේය.


මෙම රංගන ශිල්පිනියන් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග සම්බන්ධතා පවත්වමින් කිසියම් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය හෝ අවි ආයුධ සම්බන්ධ අපරාධමය කටයුතුවලට යොමුවී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කරන බවත් ඔහු පැවසීය.

කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ප්‍රකාශයක් මත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බවත්, එම පිස්තෝලය ගාල්ල ප්‍රදේශයේ සිදුවූ අපරාධවලට යොදා ගෙන තිබේදැයි වැඩිදුර විමර්ශන කරන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව එම පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැදවීමට අවසර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් මස 07 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේය.

| බීබීසී සිංහල

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...