The Leader News
BREAKING
Top Ad
පුවත්

2025 මුල් මාස 10 තුළ රජයේ බදු ආදායම රු. බිලියන 4,033ක්

T

The Leader Desk

December 13, 2025 • 4:30 PM

2025 මුල් මාස 10 තුළ රජයේ බදු ආදායම රු. බිලියන 4,033ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු.
  • බිලියන 1,809ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු.
  • බිලියන 1,970ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු.
  • බිලියන 192ක් ලෙසින් බදු ආදායම් උපයා ඇති අතර වෙනත් වශයෙන් රු.
අකුරු ප්‍රමාණය (Font Size):

නවතම වාර්තාවක සඳහන් වේ.

එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 1,809ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු. බිලියන 1,970ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 192ක් ලෙසින් බදු ආදායම් උපයා ඇති අතර වෙනත් වශයෙන් රු. බිලියන 62ක් සඳහන්ව ඇත.

මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2025 වසරේ මුල් මාස 10 දී, වාහන ආනයනය හරහා උපයා ඇති බදු ආදායම රු. බිලියන 302කින් ඉහළ ගොස් තිබේ.

2024 වසරේ මුල් මාස 10 හි වාහන ආනයන බදු ආදායම රු. බිලියන 48ක් ලෙසින් සටහන් වන අතර ඒ අනුව එය 2025 වසරේ දී රු. බිලියන 350ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ බදු ආදායමට ඉහළම දායකත්වය VAT බදු මගින් ලැබී ඇති අතර එය රු. බිලියන 1,615කි. මීට අමතරව ආදායම් බදු මගින් රු. බිලියන 1,167ක් 2025 ජනවාරි - ඔක්තෝම්බර් කාලපරිච්ඡේදය තුළ දී ලබා ගැනීමට රජයට හැකිවී ඇත.

(aruna)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...