The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

කථානායකගේ වාර්තාවට එරෙහිව මැතිසබා සේවකයෝ යුද ප්‍රකාශ කරති. ! - අයවැයටත් පොල්ලක් වැටෙන ලකුණු !!

T

The Leader Desk

November 1, 2025 • 5:16 AM

කථානායකගේ වාර්තාවට එරෙහිව මැතිසබා සේවකයෝ යුද ප්‍රකාශ කරති. ! - අයවැයටත් පොල්ලක් වැටෙන ලකුණු !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුවේ සේවා දෙපාර්තමේන්තු නවයක් ක්‍රියාත්මකව පවතී.
  • මෙම අංශවල සියලු දෙනාම පාහේ අදාළ වාර්තාවට විරෝධය දක්වමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගතයුතු බවට නිල නොවන මට්ටමෙන් එකඟතාවක් ඇතිකරගෙන ඇත.
  • අයවැය විවාදය පවතින කාලයේ මෙකී විරෝධතාවය දැක්විය යුතු බවටද යෝජනා වී ඇතිවග වාර්තාවෙයි.
  • කතානායකවරයා විසින් සකස් කරවන ලද මෙම වාර්තාව සකසා ඇත්තේ විශ්‍රාමලත් පරිපාලන සේවා නිලධාරීන් තිදෙනෙකු විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


පාර්ලිමේන්තුවේ සේවා දෙපාර්තමේන්තු නවයක් ක්‍රියාත්මකව පවතී. මේවායේ සේවකයෝ අටසිය පනහක් පමණ සේවය කරති.

මෙම අංශවල සියලු දෙනාම පාහේ අදාළ වාර්තාවට විරෝධය දක්වමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගතයුතු බවට නිල නොවන මට්ටමෙන් එකඟතාවක් ඇතිකරගෙන ඇත.

අයවැය විවාදය පවතින කාලයේ මෙකී විරෝධතාවය දැක්විය යුතු බවටද යෝජනා වී ඇතිවග වාර්තාවෙයි.

කතානායකවරයා විසින් සකස් කරවන ලද මෙම වාර්තාව සකසා ඇත්තේ විශ්‍රාමලත් පරිපාලන සේවා නිලධාරීන් තිදෙනෙකු විසිනි. පාර්ලිමේන්තු අත්දැකීම් කිසිවක් නොමැති පිරිසක් විසින් හරි හැටි කරුණු නොදැන වාර්තාව සකස් කර ඇති බැවින් එය ක්‍රියාත්මක කළහොත් සියලුම සේවකයන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව ඔවුන් අවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් කථානායකවරයාද දැඩි ස්ථාවරයක සිටිමින් තමන් රටේ තුන්වෙනි පුරවැසියා බැවින් කැබිනට් මණ්ඩලයට අදාළ වාර්තාව ඉදිරිපත් කොට කැබිනට් අනුමැතිය මත එය ක්‍රියාත්මක කළ යුතු බව තරයේ ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය.

එබැවින් ඉතිහාසයේ පළමුවරට කතානායකවරයාගේ මෙම ක්‍රියාවට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දු වී ඇතැයි කියැවෙයි.

ඒ අනුව අයවැය කාලයේ ලෙඩ නිවාඩු දැමීම අකුරට වැඩ කිරීම වැනි දෙවන මට්ටමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යැමට සිදුවන බව මැතිසභා සේවකයෝ පවසති.

 ඒ අතර  මැතිසබයේ මුළුතැන්ගෙය සම්බන්ධයෙන් පසුගියදා කථානායකවරයා විසින් කරන ලදැයි කියන ප්‍රකාශයකට විරෝධය දැක්වීම සඳහා ගිය සතියේ දින දෙකක් පමණ කනායකවරයාගේ දිවා ආහාරවෙල පමා කර සපයන ලද බවන ලද බවද පාර්ලිමේන්තුවේ නිල නොවන ආරංචි මාර්ගයේ සඳහන් කරයි.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...