The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

පොලීසියේ සහ හමුදාවේ ලොක්කන්ගේ වත්කම් ෆයිල් සියල්ල දිගහරියි

T

The Leader Desk

November 2, 2025 • 2:50 PM

පොලීසියේ සහ හමුදාවේ ලොක්කන්ගේ වත්කම් ෆයිල් සියල්ල දිගහරියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
  • මූලික අදියරේදී මේ ආයතනවල ඉහළ නිලධාරීන්ගේ වත්කම් ලිපිගොනු අධීක්ෂණය කිරීමටත්, ඉන්පසු පහළ නිලධාරීන් දක්වා එය ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර ඇත.
  • මේ සඳහා දැනට කොමිෂන් සභාවේ සේවය කරන නිලධාරීන් ප්‍රමාණවත් නොවන නිසා ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩලය බඳවාගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති අතර, ඒ පිළිබඳ කොමිසම අභ්‍යන්තරයේ සාකච්ඡා කිහිපයක්ද මේ වන විට පවත්වා ඇත.
  • මේ ආයතනවල කටයුතු කරන නිලධාරීන්ගෙන් කොටසක් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර සමීප සම්බන්ධතා පැවැති බවට අනාවරණය වී ඇති තොරතුරු මත මේ පියවර ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මූලික අදියරේදී මේ ආයතනවල ඉහළ නිලධාරීන්ගේ වත්කම් ලිපිගොනු අධීක්ෂණය කිරීමටත්, ඉන්පසු පහළ නිලධාරීන් දක්වා එය ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර ඇත.

ඉදිරියේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ආගමන-විගමන දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන්ගේද මෙසේ වත්කම් ලිපිගොනු පරීක්ෂා කිරීමට කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

මේ සඳහා දැනට කොමිෂන් සභාවේ සේවය කරන නිලධාරීන් ප්‍රමාණවත් නොවන නිසා ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩලය බඳවාගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති අතර, ඒ පිළිබඳ කොමිසම අභ්‍යන්තරයේ සාකච්ඡා කිහිපයක්ද මේ වන විට පවත්වා ඇත.


මේ ආයතනවල කටයුතු කරන නිලධාරීන්ගෙන් කොටසක් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර සමීප සම්බන්ධතා පැවැති බවට අනාවරණය වී ඇති තොරතුරු මත මේ පියවර ගෙන ඇත. යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ගෙන් ඇතැමුන් සහ පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වා ඇති අතර, ඔවුන් පිළිබඳ දැනටමත් අභ්‍යන්තර විමර්ශන ආරම්භ කර තිබේ.


(silumina | අසංක කරුණාරත්න)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...