The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

'ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණ' යළිත් පත්තු වන හැඩ !

T

The Leader Desk

November 2, 2025 • 2:56 PM

'ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණ' යළිත් පත්තු වන හැඩ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී විවිධ පාර්ශ්ව මඟින් මෙසේ ව්‍යවස්ථා විරෝධි කටයුතු සිදු කර තිබූ අතර, ඒවායින් බොහොමයක් පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු වී නැත.
  • ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතත්, ඒ පිළිබඳ වාර්තාවක් සකස් කිරීම ඉදිරි කටයුතුවලදී ප්‍රයෝජනවත් වනු ඇතැයි ආණ්ඩුවට පෙන්වා දී තිබුණේ ද නීති විශාරදයන් පිරිසකි.
  • විශේෂයෙන්ම 2018 ඔක්තෝබර් 26දා සිදු වූ ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණය, ඊට පෙර 2018 මාර්තු මාසයේදී එවැනි ම කුමන්ත්‍රණයක් සිදු කිරීමට දරන ලද උත්සාහය මේ යෝජනාව ඉදිරිපත් කිරීමට හේතු වී තිබේ.
  • ඔක්තෝබර් 26 දා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා විරෝධි ලෙස අගමැති ධුරයට පත් කර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී විවිධ පාර්ශ්ව මඟින් මෙසේ ව්‍යවස්ථා විරෝධි කටයුතු සිදු කර තිබූ අතර, ඒවායින් බොහොමයක් පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු වී නැත. නීති අංශ මඟින් මේ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කර, අදාළ වාර්තාව සකස් කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතත්, ඒ පිළිබඳ වාර්තාවක් සකස් කිරීම ඉදිරි කටයුතුවලදී ප්‍රයෝජනවත් වනු ඇතැයි ආණ්ඩුවට පෙන්වා දී තිබුණේ ද නීති විශාරදයන් පිරිසකි.


විශේෂයෙන්ම 2018 ඔක්තෝබර් 26දා සිදු වූ ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණය, ඊට පෙර 2018 මාර්තු මාසයේදී එවැනි ම කුමන්ත්‍රණයක් සිදු කිරීමට දරන ලද උත්සාහය මේ යෝජනාව ඉදිරිපත් කිරීමට හේතු වී තිබේ. 2018 ඔක්තෝබර් 26 දා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා විරෝධි ලෙස අගමැති ධුරයට පත් කර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.


ඊට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ එවකට නායකත්වය දැරූ ආර්. සම්පන්දන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක් ගොනු කළ අතර, 2018 නොවැම්බර් 13දා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවන ලදි.

ඉන් පසු එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 121කගේ අත්සනින් මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර, සම්මත කරගත්තේය.

කෙසේ වෙතත් එම විශ්වාසභංගය නොපිළිගන්නා බව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම පැවසීම නිසා මන්ත්‍රීවරුන් විසින් අභියාචනාධිකරණය ඉදිරියේ රිට් පෙත්සමක් ද ගොනු කරන ලදි.

( silumina | ශාලික විමලසේන)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණ' යළිත් පත්තු වන හැඩ ! | The Leader