The Leader News
BREAKING
Top Ad
පුවත්

වට්ස්ඇප් හරහා සිදුවෙන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

T

The Leader Desk

November 4, 2025 • 4:26 AM

වට්ස්ඇප් හරහා සිදුවෙන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.
  • ජයනෙත්සිරි සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවය.
  • වට්ස්ඇප් සමූහ භාවිතා කිරීමේ දී මෙම ජාවාරම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.
  • මේ එන්නේ තව කවුරුහරි කෙනෙක් මේ දුරකථන අංකයට වට්ස්ඇප් ගිණුමක් හදලා, වට්ස්ඇප් ආයතනයෙන් එවන OTP එක තමා මේ ඉල්ලන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවය.

වට්ස්ඇප් සමූහ භාවිතා කිරීමේ දී මෙම ජාවාරම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි පවසයි.

"ඒක කරන්නේ සමාජයේ පිළිගත් තනතුරු දරන පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් සොයා ගන්නවා. ඊට පස්සේ එයාගේ දින චර්යාවට ගැලපෙන විදියේ පණිවුඩයක් එනවා අහවල් වෙලාවට මේ මාතෘකාව යටතේ Zoom Meeting එකක් තියෙනවා ලොග් වෙන්න කියලා. ඒ එවන ලින්ක් එකට ඇඩ් වුණාම මීටින් එකට ඇඩ් වෙන එක ස්ථීර කරන්න ඔයාට අංකයක් එයි ඒක අපිට ලබාදෙන්න කියලා පණිවුඩයක් එයි. මේ එන්නේ තව කවුරුහරි කෙනෙක් මේ දුරකථන අංකයට වට්ස්ඇප් ගිණුමක් හදලා, වට්ස්ඇප් ආයතනයෙන් එවන OTP එක තමා මේ ඉල්ලන්නේ. කවුරුහරි ඒක දීපු ගමන් අර පණිවුඩය එවපු තැනැත්තා ඔයාගේ වට්ස්ඇප් ගිණුම ගන්නවා. එතකොට ඔයාගේ සියලු තොරතුරු අර වංචාකාරයා ළඟට යනවා. එයා යවනවා ඔයාගේ ෆෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයට මට පොඩි ප්‍රශ්නයක් මට සල්ලි එවන්න කියලා පණිවුඩ යවනවා. ගොඩක් අය විශ්වාස කරලා සල්ලි දානවා. ගොඩක් දවස් ගිහින් තමා ගිණුම ඔබට නැතිවෙලා කියලා දැනෙන්නේ. එතකොට සෑහෙන දෙනෙක් මේ වංචාවට හසුවෙන්න පුළුවන්."


( aruna )
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...