ඔහු පෙන්වා දෙන්නේ, රජය විසින් විශාල ලෙස පසුගිය වසර තුළ ණය ලබාගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවය.
කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මේ බව සඳහන් කළේය.
"මේ රජයට ණය ගැනීමට සිදුවෙලා තියෙන්නේ, බොහෝ දුරට දේශීය මූලාශ්‍රවලින්. ඒකට හේතුව අපි දන්නවා මේ ණය අර්බුදයත් එක්ක විදේශීය මූල්‍ය වෙළෙඳපොළට යෑමට හෝ ද්විපාර්ශ්වික ණය ගනුදෙනුකරුවන්ගෙන් ණය ලබාගැනීමට හැකියාව පවතින්නේ ඉතාමත් අවම මට්ටමක. ඒ වගේම බහුපාර්ශ්වීය ආයතන වුණත් ණය දෙන්නේ අර පෙරට වඩා අඩු ණය පහසුකම් තමා මේ වෙද්දි සැපයෙන්නේ. ඒ නිසා රජයට අනිවාර්යයෙන්ම අයවැය හිඟයක් පවතින තත්ත්වයක් තුළදී ණයගැනීමට සිද්ධ වෙනවා. ''
'' මම දකින්නේ නෑ මේ රජය යටතේ විශාල ණය ගැනීමක් සිදුවෙලා තියෙනවා කියලා. ඒකට හේතුව තමා අයවැය පරතරය ක්‍රමානුකූලව පහත වැටිලා තියෙනවා. ඒ වගේම 2026 වසරට අදාළවත් රජයේ ණයගැනීමේ ඉලක්ක දිහා බැලුවහම ඒ ඉලක්ක තුළ පේන්නේ, ණයගැනීමේ ප්‍රමාණය පහත හෙළීමක් තමා වාර්තා වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ නෑ අපිට පුළුවන් කියලා කෙටි කාලසීමාවක් තුළ වැඩිම ණය ගත්ත රජය මේ රජය කියලා ප්‍රකාශයකට අවශ්‍ය සාක්ෂි සැපයීමට හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ..."
''ආදායම් ඉලක්කය ඉක්මවමින් කටයුතු කරලා තියෙනවා'' - ඇමති නලින්ද
රජය ලබාගෙන ඇති ආර්ථික ජයග්‍රහණ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පළකළේ මෙවන් අදහසකි.
"අපි භාරගත්තේ ඉතා සුමුදුව, සුවපහසුව තිබුණු රටක් නෙමෙයි. ඒ නිසා ආර්ථිකය ශක්තිමත් වන ප්‍රමාණයට තමා සියලු දේවල්වලට වියදම් කරන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය ආදායමේ ඉලක්කයක් තියාගෙන ඒ ඉලක්කය හඹායෑම එක අරමුණක්. එය අපි සාර්ථක කරගෙන තියෙනවා. දැන් වෙද්දි රටට ආදායම් ගෙන එන ආයතන කිහිපයම තමන්ගේ ආදායම් ඉලක්කය ඉක්මවමින් කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම අපි රජයක් හැටියට රාජ්‍ය වියදම් පිළිබඳ සෑහෙන සැලකිලිමත් වුණා. මොකද මේ රටේ ජනතාවගේ බදු මුදල්, ඒ බදු රු බිලියන 3000 - 4000ක් විතර එකතු වුණාට ඒ මුදල් සියල්ලම සැලසුම් සහගතව, ඉලක්කගතව ජනතාව වෙනුවෙන් සේවයට යෙදවෙන්නේ නෑ කියලා නිරීක්ෂණය වුණා. මේ සියල්ල පිළිබඳ අවධානය යොමුකරමින් මේවා කළමනාකරණය කරගනිමින් තමා අපි රාජ්‍ය වියදම් කළමනාකරණය කරගෙන තියෙන්නේ."
''සීයා හිටවපු ගස්වල තරුණ සහෝදරයා ගෙඩි කඩා ගැනීමක්'' - උදය ගම්මන්පිල
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඊයේ (03) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පළකළේ මෙවන් අදහසකි.
"දර්ශක දිහා බැලුවහම ෂෝක් වගේ ගතියක් දැනෙනවා. හැබැයි දැන් ගත්තොත් විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් තියෙනවා. 2018 ඉලක්කම දක්වාම ළංවෙමින් තියෙනවා. හැබැයි ඒ සීයා හිටවපු ගස්වල තරුණ සහෝදරයා ගෙඩි කඩා ගැනීමක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාම කිව්වානේ මම කජු සීයා කියලා. පාසල් පෙළ පොතෙත් තිබුණා සීයා අඹ ඇටයක් සිටුවනවා, ගෙඩි කන්න ලැබෙන්නේ පුතාට කියලා.
අපේ බංකොළොත්වීම පදනම් කරගෙන විශාල පිරිසක් රට යැව්වා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ ගිය අය දැන් ප්‍රේෂණ එවනවා. හැබැයි ඔබ දන්නවා ඇති මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත් වීම් පසුගිය වසරට වඩා අඩුයි. මේ වසරේ යනවා අඩුයි කියන්නේ, ඊළඟ වසරවල අපේ ප්‍රේෂණ අඩුවෙනවා. මේ වසරේ දී ඉලක්ක සපුරාගැනීමට ආණ්ඩුව අසමත් වී ඇත. මම නෙමෙයි IMF එක කියන්නේ."
| adaderana
'අයවැය පරතරය අඩුවුණාට රජයට ණය ගන්න වෙනවා' - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
T
The Leader Desk
November 4, 2025 • 4:42 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු පෙන්වා දෙන්නේ, රජය විසින් විශාල ලෙස පසුගිය වසර තුළ ණය ලබාගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවය.
- කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මේ බව සඳහන් කළේය.
- ඒ වගේම 2026 වසරට අදාළවත් රජයේ ණයගැනීමේ ඉලක්ක දිහා බැලුවහම ඒ ඉලක්ක තුළ පේන්නේ, ණයගැනීමේ ප්‍රමාණය පහත හෙළීමක් තමා වාර්තා වෙන්නේ.
- ඒ වගේම අපි රජයක් හැටියට රාජ්‍ය වියදම් පිළිබඳ සෑහෙන සැලකිලිමත් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



