2015 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත මිලදී ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ ධාන්‍ය වර්ග තාවකාලිකව ගබඩා කිරීම සඳහා භාවිත කරන කොකුන් ගබඩා 50ක් අනුගමනය කළ යුතු නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර චුදිත අය විසින් හඳුන්වාදෙන ලද ආයතනයක් මඟින් ආනයනය කර මිලදී ගැනීමට සංස්ථාවේ නිලධාරීන් පෙළඹවීම චරිත රත්වත්තේ ට එල්ල වී ඇති චෝදනාවයි.
ඒ අනුව රජයට රු 99,679,799ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්වයක් වෙත සලසා දීම යන චෝදනාවට අදාළව චරිත රත්වත්තේ ව අද (04) උදෑසන 8.25ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඔහුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා (ඔක්තෝම්බර් 31) අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (සාමාන්‍ය) සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් බයිලා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරියේය.




