The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

T

The Leader Desk

November 4, 2025 • 4:14 PM

ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බවත්, ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට වතිකානුවේ සහාය හිමි වන බවත් වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෝ ප්‍රකාශ කළහ.
  • නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෝ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළහ.
  • එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අගරදගුරු ගැලගර් හිමිපාණන් උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, මෙරටෙහි වත්මන් තත්ත්වය සහ වත්මන් රජය යටතේ අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව දැනුවත් කරන ලදී.
  • දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරෙන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වෙත සිය ස්තූතියද පළ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බවත්, ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට වතිකානුවේ සහාය හිමි වන බවත් වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෝ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළහ.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අගරදගුරු ගැලගර් හිමිපාණන් උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, මෙරටෙහි වත්මන් තත්ත්වය සහ වත්මන් රජය යටතේ අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව දැනුවත් කරන ලදී.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරෙන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වෙත සිය ස්තූතියද පළ කළේය.


අගරදගුරු හිමිපාණන්ගේ සංචාරය ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා,  වතිකානුව සහ ශ්‍රී ලංකාව අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙරටට බොහෝ ප්‍රතිලාභ අත්කර දී ඇති බවත්, එය අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව,  රට තුළ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීමෙහිදීද  ඉතා වැදගත් වූ  බවත් සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දුන් සහාය මෙන්ම, සුනාමි ව්‍යසනයෙන් පසු රට යළි යථා තත්වයට ගෙන ඒම සඳහා වතිකානුව ලබා දුන් සහායද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ ජනාධිපතිවරයා, පසුගිය වසර 50 පුරා වතිකානුව දැක් වූ සහයෝගය සහ මිත්‍රත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

මෙහිදී ජනාධිපතිවරයා XIV වන ලියෝ පාප් වහන්සේගේද  සුවදුක් විමසා උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ ශක්තිය ප්‍රාර්ථනා කරමින් සිය සුබපැතුම් එක් කළේය.


ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය තමා මෙන්ම ශුද්ධෝත්තම පාප් වහන්සේද බොහෝ අගයන බව පැවසූ අගරදගුරු ගැලගර් හිමිපාණෝ, ඒ අනුව, XIV වන ලියෝ පාප් වහන්සේ නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලනු ඇති බවද වැඩිදුරටත් පැවසීය.


වතිකානුව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණි  අගරදගුරු ගැලගර් හිමිපාණන් මෙරට සියලු ජන ප්‍රජාවන් අතර සාමය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය අවබෝධය වැඩිවර්ධනය කිරීම සඳහා දෙරටෙහි කැපවීම ශක්තිමත් කිරීමේ අරමුණෙන් නොවැම්බර් 8 වන දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සි‌ටින අතර, එම  කාලය තුළ මෙරට වැදගත් ස්ථාන කිහිපයක සංචාරයේ නිරත වීමට නියමිතය.

 1975 සැප්තැම්බර් 6 වන දින දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීම නිමිත්තෙන් ‘වතිකානුවේ ඉදිරි දර්ශනය, සංවාදය සහ සාමය සඳහා කැපවීම’ යන මාතෘකාව යටතේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් සහභාගි වනු ඇත.

වතිකානු රජය නියෝජනය කරමින් රොබර්ටෝ ලුකිනි සහ ටොමිස්ලව් සුබැත් යන පියතුමන්ලා මෙම අවස්ථාවට සහභාගි වූ අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ද ඊට එක්ව සිටියහ.
dfhe565

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...