The Leader News
BREAKING
Top Ad
පුවත්

අත්අඩංගුවට ගත් චරිත රත්වත්තේ සම්බන්ධයෙන් එජාප සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

T

The Leader Desk

November 4, 2025 • 5:33 PM

 අත්අඩංගුවට ගත් චරිත රත්වත්තේ සම්බන්ධයෙන් එජාප සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම නියෝග කළේය.
  • ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු කොකුන් ගබඩා 50 පනහක් මිලදී ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මිලදී ගෙන රජයට රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
  • එජාප සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
  • මේ අතර චරිත රත්වත්තේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග විශේෂ නිවේදනයක් නිකුත්කරමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසන්නේ, රාජ්‍ය සේවකයන් බොහොම සංවේදී පුද්ගලයන් නිසා අපරාධ හැර අනික් අවස්ථාවල ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පරිස්සමින් හැසිරවීම කළ යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම නියෝග කළේය.

සැකකර චරිත රත්වත්තේට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පැනවීය.

ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු කොකුන් ගබඩා 50 පනහක් මිලදී ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මිලදී  ගෙන රජයට රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

එජාප සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ..

මේ අතර චරිත රත්වත්තේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග විශේෂ නිවේදනයක් නිකුත්කරමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසන්නේ, රාජ්‍ය සේවකයන් බොහොම සංවේදී පුද්ගලයන් නිසා අපරාධ හැර අනික් අවස්ථාවල ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පරිස්සමින් හැසිරවීම කළ යුතු බවයි.

එජාප සභාපතිවරයාගේ නිවේදනයේ මෙසේ සඳහන්වේ.

''මා දන්නා චරිත රත්වත්තේ මහතා 80 දශකයේ දී ශ්‍රී ලංකාවේ තරුණ සේවා සභාව ඇති කිරීමටත්, එය නිසියාකාරව රටට ප්‍රයෝජනවත් ආකාරයට හැසිරවීමටත්, නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියෙකු වනවා.

එලෙසම 1988 වකවානුවේ ජනසවිය ව්‍යාපාරය ආරම්භ කරන විටත් ඒ සඳහා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අවශ්‍ය සහයෝගය ලබාදුන් රාජ්‍ය නිලධාරියෙකු ලෙසයි අප දැන හඳුනාගෙන සිටින්නෙ.

රත්වත්තේ මහතා 2001 වකවානුවේදී රටේ ආර්ථිකය කඩා වැටුනු අවස්ථාවේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඉතාමත් වැදගත් සේවාවක් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තා.

රාජ්‍ය නිලධාරීන් ගන්නා තීරණ වලදී රජයට ලාභයක් සිදු වූ විට ස්තූති කරන්නේ නැහැ. එසේම රජයට වාසිදායක තත්ත්වයක් උදාවූ විට ඔවුනට සහන ලබා දෙන්නේත් නැහැ. සත්භාවයෙන් ගන්නා තීරණ වලදී සිදුවන පාඩු ගැනද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව රාජ්‍ය සේවකයන් හැසිරවිය යුතුයි කියන එකයි හිටපු රාජ්‍ය පරිපාලන ඇමතිවරයෙකු ලෙස මට ප්‍රකාශ කරන්න තිබෙන්නෙ.

විශේෂයෙන් අපරාධ හැර අනික් අවස්ථාවල රාජ්‍ය සේවකයන් බොහොම සංවේදී පුද්ගලයන් නිසා පරිස්සමින් හැසිරවීම කළ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මා මතක් කරනවා.''

2025 නොවැම්බර් 04
jhsdfhe

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...