The Leader News
BREAKING
Top Ad
පුවත්

උතුරේත්, දකුණේත් අරගලයේ එක්සත් කම වෙනුවෙන් සටන් කළ වමේ නියමුවෙක් සමු ගනී

T

The Leader Desk

November 5, 2025 • 4:44 AM

 උතුරේත්, දකුණේත් අරගලයේ එක්සත් කම වෙනුවෙන් සටන් කළ වමේ නියමුවෙක් සමු ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු වන වල්ලිපූරම් තිරුණාවුකරසු කලක් රෝගාතුරව සිට මිය යන විට 88 වැනි විය පසු කර තිබුණි.
  • පංති සටන්කරුවකු ලෙසත්, දෙමළ ජාතික විමුක්ති අරගලයේ මතවාදී නායකයකු ලෙසත් ඉංශ්‍රිසි හා දෙමළ යන දෙබසින්ම සිය පෑන් තුඩ හැසිරවූ වල්ලිපූරම් තිරුණාවුකරසු නව සම සමාජ පක්ෂයේ නියෝජිතයකු ලෙස කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළ අයෙකි.
  • රජයේ ලිපිකරු සේවා සංගමයේ මෙහෙයුම් කරුවකු ලෙස වගකීම් ඉසිලීමට පටන් ගැනීම වල්ලිපූරම් තිරුණාවුකරසුට නව සම සමාජ පක්ෂය කරා මාවත පෑදීමේ වැදගත් සංධිස්ථානයක් වු බව එම පක්ෂය සඳහන් කරයි.
  • "තිරූට නව සම සමාජ පක්ෂය කරා මාවත පෑදීමේ වැදගත් සංධිස්ථානයක් වූයේ රජයේ ලිපිකරු සේවා සංගමයේ මෙහෙයුම් කරුවකු ලෙස වගකීම් ඉසිලීමට පටන් ගැනීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු වන වල්ලිපූරම් තිරුණාවුකරසු කලක් රෝගාතුරව සිට මිය යන විට 88 වැනි විය පසු කර තිබුණි.

පංති සටන්කරුවකු ලෙසත්, දෙමළ ජාතික විමුක්ති අරගලයේ මතවාදී නායකයකු ලෙසත් ඉංශ්‍රිසි හා දෙමළ යන දෙබසින්ම සිය පෑන් තුඩ හැසිරවූ වල්ලිපූරම් තිරුණාවුකරසු නව සම සමාජ පක්ෂයේ නියෝජිතයකු ලෙස කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළ අයෙකි.

රජයේ ලිපිකරු සේවා සංගමයේ මෙහෙයුම් කරුවකු ලෙස වගකීම් ඉසිලීමට පටන් ගැනීම වල්ලිපූරම් තිරුණාවුකරසුට නව සම සමාජ පක්ෂය කරා මාවත පෑදීමේ වැදගත් සංධිස්ථානයක් වු බව එම පක්ෂය සඳහන් කරයි.

"තිරූට නව සම සමාජ පක්ෂය කරා මාවත පෑදීමේ වැදගත් සංධිස්ථානයක් වූයේ රජයේ ලිපිකරු සේවා සංගමයේ මෙහෙයුම් කරුවකු ලෙස වගකීම් ඉසිලීමට පටන් ගැනීමය. ඒ 1970 දශකයේ දෙවන භාගයේ දී ය. ඒ වන විටත් ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය පැවැති ආණ්ඩුවේ අසාර ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති සමග ගැටෙමින් තිබුණු අතර - අනෙක් පසින් ඔහුගේ නිජභූමිය වූ යාපනය අර්ධද්වීපය තුල සිංහල - බෞද්ධ පරම ආඥාදායකත්වයට එරෙහිව දෙමළ ජනතාවගේ නිජබිම් ප්‍රදේශ වල පාලනය සඳහා ස්වයංතීරණ අයිතිය පදනම් වූ ස්වපාලනයක් වෙනුවෙන් වූ තියුණු දෙමළ ජාතික විමුක්ති අරගලය එහි උච්චස්ථානයට පත්ව තිබුණි."

2222

 නව සම සමාජ පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය නිවැරදිව දෙමළ ජනතාව අතරටත් ජාත්‍යන්තර ප්‍රජාව අතරටත්  ගෙන යෑමට ක්‍රියා කළ වල්ලිපූරම් තිරුණාවුකරසු පක්ෂයේ නායකත්වයත් දෙමළ ජනතාවගේ නිදහසේ අරගලයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවු අයෙකි.

 
නව සම සමාජ පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයාද වු ඔහු ජාත්‍යන්තර වාමාංශික සමුළු ගණනාවකම නසසප නියෝජිතයා විය.

2025 ඔක්තෝබර් 31 වැනි  දින අභාවප්‍රාප්ත වූ නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික වී. තිරුණාවුකරසුගේ නිසල දේහය අවසන් ගෞරවය සඳහා නොවැම්බර් 5 වැනි බදාදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කෙරේ.

දේහය පිළිබද අවසන් කටයුතු නොවැම්බර් 6 වැනි  බ්‍රහස්පතින්දා පෙ.ව. 11.00 ට ගල්කිස්ස සුසානභූමියේදී සිදු කරනු ලැබේ 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...