The Leader News
BREAKING
Top Ad
පුවත්

අධික රුධිර පීඩනයට තනි පෙත්තක ඖෂධයක්

T

The Leader Desk

November 5, 2025 • 5:22 AM

අධික රුධිර පීඩනයට තනි පෙත්තක ඖෂධයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම බෙහෙත් පෙත්ත හඳුන්වාදීමේ මාධ්‍ය හමුවක් කැලණිය විශ්ව විද්‍යාලීය උප කුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් එම විශ්ව විද්‍යාලීය සනාතන මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වූවාය.
  • ''මරණ වලින් 15% වන්නේ අධික රුධිර පීඩනය නිසයි'' ''අවුරුදු දහයක් තුළ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබුවා.
  • අවුරුද්දකට මිලියන දහයක් පහළොවත් අතර ප්‍රතිශතයක් ලෙස සියලු මරණ වලින් 15% වන්නේ අධික රුධිර පීඩනය නිසයි.
  • ලෝකයේ ජනකානයෙන් 33% කට අධික රුධිර පීඩනය තිබෙනවා, ප්‍රශ්නය තිබෙන්නේ එය පාලනය කර ගැනීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම බෙහෙත් පෙත්ත හඳුන්වාදීමේ මාධ්‍ය හමුවක් කැලණිය විශ්ව විද්‍යාලීය උප කුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් එම විශ්ව විද්‍යාලීය සනාතන මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වූවාය.

එම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ සායනික අත්හදා බැලීම් ඒකකයේ ඖෂධවේදය (02) පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ අධ්‍යක්ෂක, අසිතද සිල්වා, හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී ගලප්පත්ති, හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බිම්සර සේනානායක, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය උදය රණවක සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය අසිත ද සිල්වා මෙසේ පැවසීය.

''මරණ වලින් 15% වන්නේ අධික රුධිර පීඩනය නිසයි''

''අවුරුදු දහයක් තුළ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබුවා. මෙම පර්යේෂණය කළේ ලංකාවේ සිටින හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, රෝහල් ගණනාවක් මුල් කරගෙන සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලය හා පර්යේෂණ ආයතන සමග එක්ව මෙම පර්යේෂණ සිදු කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ගණනය කරලා, ඇස්තමේන්තු කරලා තිබෙනවා ලෝකයේ වැඩිපුරම මරණයට හේතු වන්නේ අධික රුධිර පීඩනය නිසයි. අවුරුද්දකට මිලියන දහයක් පහළොවත් අතර ප්‍රතිශතයක් ලෙස සියලු මරණ වලින් 15% වන්නේ අධික රුධිර පීඩනය නිසයි.

ලෝකයේ ජනකානයෙන් 33% කට අධික රුධිර පීඩනය තිබෙනවා, ප්‍රශ්නය තිබෙන්නේ එය පාලනය කර ගැනීමයි.

අපේ රටේ 33% කට පමණ අධික රුධිර පීඩනය තිබෙනවා. එය සුව කිරීමට බෙහෙත් නැති වුවත් , පාලනය කිරීම පමණයි කෙරෙන්නේ. පාලනය කිරීම ඉතා වැදගත්. පාලනය කිරීමෙන් හෘද රෝග, ආඝාතය , වකුගඩු රෝග වැනි රෝග වලින් මිදීය හැක.

අප සිදු කළේ ඖෂධ තුනක් එකතු කරලා එම මාත්‍රාවට සරිලන පරිදි එක ඖෂධයක් හැටියට නිෂ්පාදනය කර රෝගීන්ට පහසුවක් කිරීමයි. අධික රුධිර පීඩනයෙන් පෙලෙන රෝගීන්ට එක පෙත්තක් ලබා ගැනීම පමණයි තිබෙන්නේ.

නව ක්‍රමවේදය තුළින් අධික රුධිර පීඩනය, 88% කට පාලනය  කර ගැනීමට පුළුවන්.''

(lankadeepa | ලාල් එස් කුමාර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අධික රුධිර පීඩනයට තනි පෙත්තක ඖෂධයක් | The Leader