එහි දී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම, දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සහයෝගිතාව වැඩිදියුණු කිරීම යන කරුණු ඇතුළු දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ අවධානය යොමුවී ඇත.
මෙහි දී දෙපාර්ශ්වය අතර දෙරටේ සංවර්ධනයට අදාළ කරුණු රැසක් හුවමාරු කර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබෙන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ගේ ඉන්දියානු නිල සංචාරයට ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ප්‍රකට ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා, දේශපාලන හා ආර්ථික උපදේශක කුසුම් විජේතිලක සහ කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රී චමිත් විජේසුන්දර ද එක්ව සිටිති.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (04) ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවිය.

සබැඳි පුවත් :
සජිත් නවදිල්ලියේ දී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි
සජිත් නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනය සමග විශේෂ සාකච්ඡාවක
සජිත්, ලක්ෂ්මන් සමග ඉන්දියාවේ නිල සංචාරයක




