The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ඉන්දියාවට අත්‍යවශ්‍ය සාධකයක් බව ජයශංකර්, සජිත් හමුවේ පවසයි

T

The Leader Desk

November 5, 2025 • 11:24 AM

ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ඉන්දියාවට අත්‍යවශ්‍ය සාධකයක් බව ජයශංකර්, සජිත් හමුවේ පවසයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි දී ඉන්දීය-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය, කලාපීය ස්ථාවරත්වය, සම්බන්ධතාව සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය සඳහා දෙපාර්ශ්වයේ කැපවීම සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය.
  • ඉන්දියාවේ සුවිශේෂී නායකයකු ලෙස අමාත්‍ය ආචාර්ය එස්.
  • ඒ අනුව 2028 සිට නැවත වරක් ණය ගෙවීම ආරම්භ වන විට IMF වැඩසටහනෙන් පසු කාල පරිච්ඡේදයේදී අපේක්ෂා කරන අභියෝග ද ඔහු ගෙනහැර දැක්වීය.
  • වෙළෙඳාම, බලශක්තිය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව නායකයින් දෙදෙනා තවදුරටත් සාකච්ඡා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙහි දී ඉන්දීය-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය, කලාපීය ස්ථාවරත්වය, සම්බන්ධතාව සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය සඳහා දෙපාර්ශ්වයේ කැපවීම සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය.

ඉන්දියාවේ සුවිශේෂී නායකයකු ලෙස අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික අර්බුදය තුළ ඉන්දියාවේ ඵලදායී මැදිහත්වීම නැවත වරක් තහවුරු කළ අතර මෙහි දී ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික පුනර්ජීවනය සැලසුම් කිරීම සඳහා වත්මන් කාල පරිච්ඡේදය භාවිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

 WhatsApp Image 2025 11 05 at 3.59.43 PM

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයන්, අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සහ ණය තිරසාරභාවය සඳහා වන මාර්ග සිතියම පිළිබඳව අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ට පැහැදිලි කර සිටියේය. ඒ අනුව 2028 සිට නැවත වරක් ණය ගෙවීම ආරම්භ වන විට IMF වැඩසටහනෙන් පසු කාල පරිච්ඡේදයේදී අපේක්ෂා කරන අභියෝග ද ඔහු ගෙනහැර දැක්වීය. මේ සඳහා කලාපීය ආයෝජන සහ ඒකාබද්ධතාවෙන් සහාය වන තිරසාර වර්ධන උපාය මාර්ගයක අවශ්‍යතාව ද අවධාරණය කළේය.

 

වෙළෙඳාම, බලශක්තිය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව නායකයින් දෙදෙනා තවදුරටත් සාකච්ඡා කළේය.

ඔරොත්තු දීමේ හැකියාව හා වර්ධනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ ජාල සම්බන්ධතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

භූතානය සහ නේපාලය සමඟ ඉන්දියාවේ සාර්ථක හවුල්කාරිත්වය උපයෝගී කර ගනිමින් විදුලිබල හා බලශක්ති අංශවල සහයෝගීතාව ගවේෂණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පහසුකම් සපයන බවට ද අමාත්‍ය ජයශංකර් මෙහි දී සහතික විය.

WhatsApp Image 2025 11 05 at 3.59.43 PM 1
එමෙන්ම සමුද්‍රීය හා ගුවන් සම්බන්ධතා සහ යෝජිත විදුලිබල ජාල අන්තර් සම්බන්ධතාව ඇතුළු ප්‍රධාන සම්බන්ධතා මුලපිරීම්වල ප්‍රගතිය දෙපාර්ශ්වයම මෙහි දී සමාලෝචනය කළේය. කලාපයේ ස්ථාවරත්වය සහ නාවික නිදහස පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම හඳුනා ගනිමින්, කලාපීය ආරක්ෂාව සහ දියුණු වන ඉන්දියානු සාගර ආරක්ෂක නිර්මාණ ශිල්පයේ ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳව ද ඔවූහු වැඩිදුරටත් අදහස් හුවමාරු කර ගත්හ.

 

උපායමාර්ගික සමතුලිතතාවය සහ ස්වාධීනත්වය පවත්වා ගනිමින් සියලුම හවුල්කරුවන් සමඟ විවෘතව සම්බන්ධ වෙමින් ප්‍රායෝගික නොබැඳි ප්‍රතිපත්තියක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැවත වරක් තහවුරු කළේය. එහි දී අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මෙම ප්‍රවේශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ඉන්දියාවේම ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...