The Leader News
BREAKING
Top Ad
පුවත්

මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්න වලට ඕනෑම වේලාවක පිළිතුරු දීමට සූදානම් - මහ බැංකු අධිපති කියයි

T

The Leader Desk

November 5, 2025 • 5:22 PM

මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්න වලට ඕනෑම වේලාවක පිළිතුරු දීමට සූදානම් - මහ බැංකු අධිපති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් සූදානම් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.
  • නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ප්‍රමාද වන්නේනම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදිය හැකිවන පරිදි කටයුතු කළ හැකි බවද අධිපතිවරයා පෙන්වා දුන්නේය.
  • මහ බැංකු නිලධාරීන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මතුවූ පැනයක් සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් අධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

තමන් සූදානම් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ  අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ප්‍රමාද වන්නේනම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදිය හැකිවන පරිදි කටයුතු කළ හැකි බවද අධිපතිවරයා පෙන්වා දුන්නේය.

මහ බැංකු නිලධාරීන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මතුවූ පැනයක් සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් අධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා.

නියමිත වේලාවට ම අපි පිළිතුරු යොමුකරනවා

"මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් යොමුකළ විට එය ඍජුවම යොමුවන්නේ මුදල් අමාත්‍යවරයාට. එවිට ඔවුන් ඒ සඳහා සමහර අවස්ථාවලදී අප සමග සම්බන්ධ වනවා. මුදල් ඇමැතිවරයා අපගෙන් තොරතුරු සහ පිළිතුරු ඉල්ලූ සැනින් අප ඒවා ලබා දෙනවා. එය පාර්ලිමේන්තුවට සෘජුව ඉදිරිපත් කළ හැක්කේ අපට නොව මුදල් ඇමැතිවරයාටයි. නැත්නම් මුදල් නියෝජ්‍ය ඇමැතිවරයාටයි. එයයි සාමාන්‍ය ක්‍රමවේදය.

උදාහරණයක් ලෙස අද දිනයේ ප්‍රශ්නයක් යොමුකළ හොත් ඊට හෙට පිළිතුරු දෙනවා යැයි සිතමු. පැනය විමසූ දිනයේම පිළිතුරු ලබාදීමට නොහැකි වන්නේ අපගෙන් තොරතුරු විමසීමට යම් කාලයක් යනවාටත් වඩා ඊට සෘජුව අපට පිළිතුරු දීමට හැකි නොවීම නිසයි.

 මට සහතික වෙන්න පුළුවන් මුදල් අමාත්‍යවරයා හරහා මහ බැංකුවට ලැබෙන සියලුම ප්‍රශ්නවලට අපි පිළිතුරු යොමුකරනවා නියමිත වේලාවට. නමුත් එය ක්‍රියාවලිය නිසි වේලාවට සිදුවන්නේ නැහැ. ඇතැම් ප්‍රශ්න මහ බැංකුවට පමණක් අදාළ වන්නේ නැහැ. එම ප්‍රශ්න මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට අදාළ වනවා. මුදල් අමාත්‍යවරයා ඒ සියලු ආයතනවලින් ලබාගන්නා පිළිතුරු එකතු කර, වාර්තාවක් සම්පාදනය කර අදාළ අමාත්‍යවරයාට ලබා දෙනවා. අපිට ආරාධනා කරනවානම් අපිට ප්‍රශ්නයක් නැහැ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිළිතුරු සැපයීමට හැකියාව තිබෙනවා.


මහ බැංකු පනත අනුව සෑම මාස හතරකට වරක්ම පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදීමට හැකි එකම රාජ්‍ය ආයතනය මහ බැංකුව පමණයි යැයිද අධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.


(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...