The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියපු කතාව

T

The Leader Desk

November 5, 2025 • 5:40 PM

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියපු කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැකි ස්ථිර විසඳුමක් සඳහා රටවල් දෙකම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
  • මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිතරව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ‘ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා’යන මාතෘකාව යටතේ ANI පුවත් ඒජන්සිය සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.
  • එහිදී ඔහු පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) පවතින බවත්, ඒවට යටත්ව ජාත්‍යන්තර නීති සහ රෙගුලාසි අනුව ගරු කරමින් දෙපාර්ශවයම එකමුතුව අදාළ නීති සකස් කරගත යුතු බවත්ය.
  • එමෙන්ම නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා අදාළ නීතිමය නියමයන්ට අනුකූලව එම ගැටලු විසඳාගැනීමට දෙරටම සහතික වීම වැදගත් බවද ඔහු පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

හැකි ස්ථිර විසඳුමක් සඳහා රටවල් දෙකම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පවසයි.

මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිතරව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ‘ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා’යන මාතෘකාව යටතේ ANI පුවත් ඒජන්සිය සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) පවතින බවත්, ඒවට යටත්ව ජාත්‍යන්තර නීති සහ රෙගුලාසි අනුව ගරු කරමින් දෙපාර්ශවයම එකමුතුව අදාළ නීති සකස් කරගත යුතු බවත්ය.

එමෙන්ම නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා අදාළ නීතිමය නියමයන්ට අනුකූලව එම ගැටලු විසඳාගැනීමට දෙරටම සහතික වීම වැදගත් බවද ඔහු පවසා තිබේ.


ධීවරයින්ගේ ජීවනෝපායික ගැටලු තිබෙන බව පිළිගන්නා නමුත්, ආදායම් උත්පාදන ක්‍රියාවලිය නීතියානුකූල විය යුතු බවට රජයන් දෙකම සහතික විය යුතු බව ද සජිත් ප්‍රේමදාස මෙහිදී පැහැදිලි කර ඇත.


"ස්ථිර නීති රාමුවක් නොමැතිව ක්‍රියාත්මක වීමට වඩා, දෙපාර්ශ්වයම කල් පවතින විසඳුමක් සඳහා එකට වැඩ කළ යුතුයි" යනුවෙන් ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.

එමෙන්ම කච්චතිව් දූපත අසල ශ්‍රී ලංකා මුහුදු සීමාවට තමිල්නාඩු ධීවරයින් ඇතුළු වීම සම්බන්ධයෙන් දෙරට අතර අඛණ්ඩ ගැටලු පවතින බවත්, බොහෝ විට අත්අඩංගුවට ගැනීම් සහ සමුද්‍රීය මායිම් සම්බන්ධයෙන් ආරවුල් ඇති කරන බවත් ඔහු පවසා ඇත.


මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගියදා සිදුකළ ඉන්දීය සංචාරයේ දී කතාබහට ලක් වූ කරුණු ද මෙම සාකච්ඡාවේ දී ANI පුවත් ඒජන්සිය විසින් උපුටා දක්වා තිබුණි. ඔවුන් සඳහන්කර තිබුණේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර සිදු වූ හමුවේ දී මෙම ගැටලුව 'සංවේදී ගැටලුවක්' ලෙස පවසා තිබූ බවය.


ඒ අනුව මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් සොයා ගැනීම සඳහා දීර්ඝ ලෙස දෙරට අතර සාකච්ඡා සිදුකරන බව පවසා තිබේ.

මෙම ධීවර ගැටලුව ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාවල දැඩි මතභේදාත්මක අංගයක් ලෙස පවතී.

පෝක් සමුද්‍ර සන්ධියේ තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව වෙන් කරන පටු ජල තීරුව දෙරටේම ධීවරයින් සඳහා පොහොසත් ධීවර භූමියක් ලෙස සැලකේ.

| adaderana

මුලාශ්‍රය :

Sri Lanka's advancement inextricably linked with India: LoP Premadasa calls for more Indian investment
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...