The Leader News
BREAKING
Top Ad
පුවත්

සිය සංස්කෘතික ඇඳුමින් පාසල් පැමිණි මුස්ලිම් දැරියකට අවහිර කිරීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

T

The Leader Desk

November 5, 2025 • 5:50 PM

සිය සංස්කෘතික ඇඳුමින් පාසල් පැමිණි මුස්ලිම් දැරියකට අවහිර කිරීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ඇඳුම ඉවත් කරන ලෙස නියෝග නිකුත් කිරීම තුළින් නාවල, ජනාධිපති බාලිකා විද්‍යාල පරිපාලනය ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේදැයි විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
  • ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 12(1) සහ 14(1) ඉ ව්‍යවස්ථා මගින් තහවුරු කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේ දැයි විභාගයක් පැවැත්වීමට ද විනිසුරු මඩුල්ලක් නියම කර සිටියේය.
  • ඒ අනුව නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 20 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගය ලබන වසරේ ජුනි මස 08 වන දා පැවැත්වීමට නියෝග කළේය.
  • එහෙත් වග උත්තරකාර පාසල් පරිපාලනය පෙත්සම්කාරියට එම අයිතිය භුක්ති විඳීම අවහිර කිරීම තුළින් ඔවුන් පෙත්සම්කාර ශිෂ්‍යාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි නීතිඥවරයා චෝදනා කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ඇඳුම ඉවත් කරන ලෙස නියෝග නිකුත් කිරීම තුළින් නාවල, ජනාධිපති බාලිකා විද්‍යාල පරිපාලනය ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේදැයි විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

එම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ෆාතිමා හෂානා නමැති 11 හැවිරිදි පාසල් දැරිය සහ ඇයගේ පියා වන එස්.එච්.ෂාහුල් හමීඩ් 2014 වසරේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.


ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 12(1) සහ 14(1) ඉ ව්‍යවස්ථා මගින් තහවුරු කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේ දැයි විභාගයක් පැවැත්වීමට ද විනිසුරු මඩුල්ලක් නියම කර සිටියේය.


ඒ අනුව නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 20 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගය ලබන වසරේ ජුනි මස 08 වන දා පැවැත්වීමට නියෝග කළේය.

'පෙත්සම්කාර ශිෂ්‍යාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා'

පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වීරාන් කොරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබෙන චක්‍ර ලේඛවලට අනුව සංස්කෘතික ඇඳුම පැළඳීම සඳහා ශිෂ්‍යාවන්ට අවසර හිමි බවයි.

එහෙත් වග උත්තරකාර පාසල් පරිපාලනය පෙත්සම්කාරියට එම අයිතිය භුක්ති විඳීම අවහිර කිරීම තුළින් ඔවුන් පෙත්සම්කාර ශිෂ්‍යාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි නීතිඥවරයා චෝදනා කර සිටියේය.

'මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් නැහැ'

අදාළ විදුහලේ විදුහල්පතිවරිය සහ පන්තිභාර ගුරුවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 1980 වසරේ නිකුත් කළ බව කියන චක්‍රලේඛයක් මත පදනම්ව පෙත්සම්කාර පාර්ශ්වය සිය තර්කය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන බවත් එය ව්‍යාජ ලියවිල්ලක් බවටත් චෝදනා කළේය.


වගඋත්තරකරුවන්ගේ ක්‍රියා කලාපය තුළින් පෙත්සම්කාරියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් නොවන බවට වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තර්ක කර සිටියේය.

නීතිපතිවරයා සඳහන් කර සිටියේ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා විධිමත් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

සිද්ධිය කුමක්ද?

පෙත්සම්කාරිය කියා සිටින්නේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ නිල ඇඳුම වන්නේ අත්කොට දණහිස දක්වා වූ සුදු ගවුමක් බවත් උකුලේ රතු ලාංඡනයක් සහිත සුදු පටියක් පැළඳිය යුතු බවයි.

1980 දෙසැම්බර් මස 12 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ අංක 37/95 දරන චක්‍රලේඛය මගින් මුස්ලිම් ජාතික ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ සංස්කෘතික ඇඳුමින් පාසල් යාමට අවසර ලබාදී තිබෙන බව ඇය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

ඊට අමතරව 2014 වසරේ මාර්තු මස 03 වන දා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛයක් තුළින්ද මුස්ලිම් ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ සංස්කෘතික ඇඳුමින් සැරසී පාසලට පැමිණීමට අවසර ලබාදී තිබෙන බවත් ඇය සඳහන් කර ඇත.


2014 වසරේ මාර්තු මස 03 වනදා පාසලේ පැවති ශ්‍රමදාන වැඩසටහනට සහභාගිවීම සඳහා තමන් සිය සංස්කෘතික ඇඳුමින් සැරසී පාසලට ගිය බව පෙත්සම්කාරිය කියා සිටියා ය. එම අවස්ථාවේදී පාසල් පරිපාලනය එම සංස්කෘතික ඇඳුම ඉවත් කරන ලෙස ප්‍රසිද්ධියේ තමන්ට උපදෙස් දුන් බවත් ඒ තුළින් තමා දැඩි ලෙස ලැජ්ජාවට හා බියට පත් වූ බවත් පෙත්සම්කාරිය සඳහන් කළාය.


මෙම ක්‍රියා කලාපය තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කාර ශිෂ්‍යාව විසින් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඊට අමතරව පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය 1980 වසරේ දෙසැම්බර් මස 12 වන දා නිකුත් කළ 37/95 දරන චක්‍ර ලේඛය යටතේ කටයුතු කරන ලෙස දිවයිනේ සියලුම පාසල් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සමින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අදාළ විදුහලේ විදුහල්පතිවරිය, නියෝජ්‍ය විදුහල්පතිවරිය, පන්තිභාර ගුරුවරිය , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇත.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර ශිෂ්‍යාව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දී තිබේ.

| බීබීසී සිංහල

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...