The Leader News
BREAKING
Top Ad
පුවත්

මාලිමා නාගරික මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා හා පුතා කෝටි දෙකක මත් කුඩු සමග අත්අඩංගුවට

T

The Leader Desk

November 5, 2025 • 6:01 PM

මාලිමා නාගරික මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා හා පුතා කෝටි දෙකක මත් කුඩු සමග අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙරොයින් මත්කුඩු තොගයක් සමග එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
  • මෙම සැකකරුවන් දෙදෙනා එප්පාවල ප්‍රදේශයම පදිංචි 54 හා 22 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
  • මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ පළාත් පාලන ආයතනයක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
  • මෙරට විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැටලීම සිදු කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

හෙරොයින් මත්කුඩු තොගයක් සමග එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා එප්පාවල ප්‍රදේශයම පදිංචි 54 හා 22 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ පළාත් පාලන ආයතනයක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙරට විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැටලීම සිදු කර තිබුණි.

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් පුරා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිද කර ගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.

(බී ජී චතුරංග | lankadeepa)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...