The Leader News
BREAKING
Top Ad
පුවත්

කටුපොල් වගාවට අනුමැතිය දීම ගැන රජයේ අවධානය !

T

The Leader Desk

November 6, 2025 • 3:12 AM

 කටුපොල් වගාවට අනුමැතිය දීම ගැන රජයේ අවධානය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙරට කටුපොල් වගාව තහනම් කෙරිණි.
  • ඒ අනුව දැනට වගාකර තිබෙන කටුපොල් වගාව වසරකට සියයට දහය (10%) බැගින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ද එම ගැසට් නිවේදනයේ දැක්වේ.
  • ඊට අදාළ සියලුම පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම කමිටුව සඳහා නියෝජිතයන් පත්කර ඇත.
  • වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ විද්වතුන්ගෙන් මෙම කමිටුව සමන්විතය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙරට කටුපොල් වගාව තහනම් කෙරිණි. ඒ අනුව දැනට වගාකර තිබෙන කටුපොල් වගාව වසරකට සියයට දහය (10%) බැගින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ද එම ගැසට් නිවේදනයේ දැක්වේ.

වැවිලි සමාගම් විසින් අදාළ ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණයේ නඩුවක්ද ගොනුකර තිබේ.

කටුපොල් මෙරට වගා කිරීම සුදුසුද නැතිද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් පසුගිය කාලයේදී විද්වත් කමිටුවක් පත් කරන ලදි. එම කමිටුව පත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුවය.

ඊට අදාළ සියලුම පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම කමිටුව සඳහා නියෝජිතයන් පත්කර ඇත. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ විද්වතුන්ගෙන් මෙම කමිටුව සමන්විතය.

වැවිලි අමාත්‍යාංශය විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ කටුපොල් වගාව සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙන බවත් කමිටුවේ තීරණය පරිදි ඉදිරි කටයුතු සිදු කරන බවත්ය.

ඒ අනුව අදාළ කමිටුවේ තීරණය ලැබී ඇතැයිද වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

තවද යම් යම් කොන්දේසි මත කටුපොල් වගා කිරීම සුදුසු බවට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය. මෙම කමිටු වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.


( aruna | සාලිය කුමාර ගුණසේකර)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...