The Leader News
BREAKING
Top Ad
පුවත්

'ඡන්දය නොතියා ආණ්ඩුකාරවරුන් මගින් පළාත් සභා ගෙන යාම නීති විරෝධියි' - මහින්ද දේශප්‍රිය

T

The Leader Desk

November 7, 2025 • 7:18 AM

'ඡන්දය නොතියා ආණ්ඩුකාරවරුන් මගින් පළාත් සභා ගෙන යාම නීති විරෝධියි' - මහින්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් හෝ අවශ්‍ය බවද පෙරේදා (05දා) පැවති මැතිවරණ කොමිසමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඔහු කීය.
  • ශ්‍රේෂ්ඨාධිකරණය ද මේ බව තහවුරු කර තිබෙනවා.
  • පළාත් සභා එපා නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කර 13 වැනි සංශෝධනය අවලංගු කළ යුතුයි.
  • ඡන්දය හිරවී තිබේ නම් එය ලිහා ගැනීමට ක්‍රියාකළ යුත්තේ පාර්ලිමේන්තුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් හෝ අවශ්‍ය බවද පෙරේදා (05දා) පැවති මැතිවරණ කොමිසමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඔහු කීය.

''පළාත් සභා ඡන්දය නොතියා ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පළාත් සභා ක්‍රියාත්මක කිරීම නීතිවිරෝධියි. ශ්‍රේෂ්ඨාධිකරණය ද මේ බව තහවුරු කර තිබෙනවා. මොන ආණ්ඩුවකින් හරි ඡන්ද කල් තැබීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධියි. පළාත් සභා එපා නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කර 13 වැනි සංශෝධනය අවලංගු කළ යුතුයි.

මුදල් වෙන් කළ පමණින් පළාත් සභා ඡන්දය තියන්න බැහැ. ඡන්දය හිරවී තිබේ නම් එය ලිහා ගැනීමට ක්‍රියාකළ යුත්තේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි මොන ක්‍රමයට ද ඡන්දය පවත්වන්නේ කියලා. පරණ ක්‍රමයට තියනවා නම් ලබන වසරේ මුල පුළුවන්. ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියා තිබුණා වසරක් ඇතුළත ඡන්දය තියන බවට. දැන් මේක සම්පූර්ණ අවුල් ජාලයක් වෙලා. විසඳුම පාර්ලිමේන්තුව හරහා පමණයි'' යැයි ද මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් පැවසීය.

( divaina | සුජීව තත්සර)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...