ඒ අනූව අයවැයට විපක්ෂව විපක්ෂය නියෝජනය කරන සභිකයින් 08 දෙනෙකු ඡන්දය භාවිතා කර තිබේ.
මේ අතර විපක්ෂයේ සභිකයින් 03 දෙනෙකු අද දිනයේ සභාවට නොපැමිණි බවට වාර්තාවේ.
මෙහිදී ජාතික ජන බලවේගයේ සභාපතිවරයා ඇතුළු සභිකයින් 04 දෙනා පක්ෂව ඡන්දය ලබාදී ඇත.
සොරණාතොට ප්‍රාදේශීය සභාව විපක්ෂයට සභික ධූර 10ක් හා ජාතික ජන බල වේගයේ සභිකයින් 05 දෙනෙක් සමන්විතයි.
නමුත්, සභාපතිවරයා තේරීමේදී විපක්ෂ දෙදෙනෙක් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට පක්ෂව ඡන්ද භාවිත කර තිබිණ.
ඒ හේතුවෙන් සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ජාතික ජන බල වේගයෙන් පත්විය.
මේ අතර, ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ 2024 වර්ෂය සඳහා වන මංගල අයවැය පළමුවර කියවීම ඊයේ (06) පරාජයට පත්විය.




