The Leader News
BREAKING
Top Ad
පුවත්

මෑත ඉතිහාසයේ පැවරෙන දැවැන්තම අපරාධ නඩුවට නීතිපති සැරසෙයි !

T

The Leader Desk

November 8, 2025 • 4:07 AM

මෑත ඉතිහාසයේ පැවරෙන දැවැන්තම අපරාධ නඩුවට නීතිපති සැරසෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රහස්‍ය ලිපි ලේඛන 293 *සාක්ෂිකරුවන් 349 *දෙපාර්ශවයෙන් නීතිඥවරුන් 35.
  • මෙම නඩුකරය මෑත ඉතිහාසයේ වැඩිම සාක්ෂිකරුවන් පිරිසක් සාක්ෂි සපයන නඩුව බව වාර්තා වෙයි.
  • සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 349 කි.
  • නඩුවට අදාළ සාක්ෂි සහිත ලිපි ලේඛන සංඛ්‍යාව 293 කි.
අකුරු ප්‍රමාණය (Font Size):


*රහස්‍ය  ලිපි ලේඛන 293
*සාක්ෂිකරුවන් 349
*දෙපාර්ශවයෙන් නීතිඥවරුන් 35.


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රමුඛ චුදිතයන් දොලොස් දෙනෙකුට එරෙහිව පැවරෙන "හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින්' නැමැති විෂ සහිත එන්නත් කුප්පි 6195 මිලදී ගනිමින් රජයට රුපියල් කෝටි 14 කට අධික පාඩුවක් සිදුකිරීම සහ මානව අපරාධයකට අනුබලදීම යන අධිචෝදනා යටතේ පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කර තිබේ.

එහි සභාපති විනිසුරු වන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ ය. සෙසු විනිසුරුවරුන් වනුයේ තිලකරත්න බණ්ඩාර සහ විරාජ් වීරසූරිය යන මහාධිකරණ විනිසුරුවරුන්ය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුන් වන ලිශාන් රත්නායක, කලණ කොතලාවල, අසේල විජේසිංහ, ගංගානි උක්වත්තගේ යන අය නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ගේ උපදෙස් මත පෙනී සිටිති.

කෙහෙළිය ඇමතිවරයාගේ පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන ප්‍රමුඛ නීතිඥවරුන් තිස් දෙනෙකු පෙනී සිටිති.

මෙම නඩුකරය මෑත ඉතිහාසයේ වැඩිම සාක්ෂිකරුවන් පිරිසක් සාක්ෂි සපයන නඩුව බව වාර්තා වෙයි. සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 349 කි. මේ අය අතර විශේෂඥ වෛද්‍යවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානින්, රෝහල් සේවකයන්, රෝගීන් සහ වෙනත් තැනැත්තන්ද වෙති.

නඩුවට අදාළ සාක්ෂි සහිත ලිපි ලේඛන සංඛ්‍යාව 293 කි. නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ පොදු දේපළ පණත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ බව දැනගන්නට තිබේ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...