The Leader News
BREAKING
Top Ad
පුවත්

මේක අයිඑම්එෆ් එක හදපු අයවැයක් වගෙයි – විපක්ෂ නායක

T

The Leader Desk

November 8, 2025 • 7:09 AM

මේක අයිඑම්එෆ් එක හදපු අයවැයක් වගෙයි – විපක්ෂ නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ''අද ගොවි ගැටලුවලට, ධීවර කම්කරු ස්වයං රැකියා ලභීන්න්ට, විරැකියාවේ සිටින උපාධිධාරීන්ට කිසිම විසඳුමක් නෑ.
  • මේ අයවැය යනු පචයෙන් බොරුවෙන් මංමුලාවෙන් ඇන්දවීමෙන් පැවැත්ම ඉදිරියට ගෙන යන අයවැයක් යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

 

''අද ගොවි ගැටලුවලට, ධීවර කම්කරු ස්වයං රැකියා ලභීන්න්ට, විරැකියාවේ සිටින උපාධිධාරීන්ට කිසිම විසඳුමක් නෑ. අද ඒ අය අනාථ වී ඉන්නවා. මේ අයවැය යනු පචයෙන් බොරුවෙන් මංමුලාවෙන් ඇන්දවීමෙන් පැවැත්ම ඉදිරියට ගෙන යන අයවැයක් යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතිවරයා රට ගොඩනගන්න නීතිරීති රාමුවක් නිර්මාණය කරන බව පැවසූ බවත් අද වන විට රජයට සම්බන්ධ අය කුඩු ජාවාරමට සම්බන්ධ වී ඇති අවස්ථාවේ පොලිස්පතිවරයා මේ සම්බන්ධ තොරතුරු මාධ්‍යට නොදෙන්න චක්‍රලේඛ නිකුත් කර ඇති බවත් එදා රජය කුඩු ජාවාරම ගැන මාධ්‍ය සංදර්ශන කළත් අද මාලිමා රජය කුඩු ජාවාරමට හසුවූ පසු මේවා සඟවන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අයවැයේ යෝජනාවල ජනතාවට වෙන් කර ඇත්තේ සොච්චම් මුදලක් බවත් 2025 අයවැය වෙන් කරන විට එම වෙන් කරපු මුදල්වල ප්‍රගතිය ඉදිරිපත් කළ යුතු වුවත් එය තවමත් ඉදිරිපත් කර නොමැති බවත් එම පිළිතුරු නොදුන් මුදල් ඇමැතිවරයා හෙවත් ජනාධිපතිවරයා අද බොරු වට්ටෝරුවක් ඉදිරිපත් කර ඇති බවත් මේ අය නැවත නැවතත් ජනතාව රවටන බවත් තවමත් රජයට හිතක් පපුවක් නොමැති බවත් කිසිම සංවේදී භාවය නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.  
 
මේක දිව දෙකේ රජයක් බවත් මේක ජනතා සහන නොලැබෙන අයි.එම්.එෆ් එක ලියූ අයවැයක ස්වරූපය ගන්නා බවත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...