The Leader News
BREAKING
Top Ad
පුවත්

'සර්වජන භාරය' එළිදැක්වෙයි

T

The Leader Desk

November 8, 2025 • 3:29 PM

'සර්වජන භාරය' එළිදැක්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් සතුව නවීන සහ වෙනස් අදහස් තිබුණත්, එම අදහස් මහ පොළවේ පැළ කිරීමට තිබූ අවස්ථාවන් විරල වුණා.
  • එම රික්තකය පිරවීමේ අරමුණින් ඇති කළ 'සර්වජන භාරය' පෙරේදා (06) එළිදැක්වුණා.
  • බිලී ෆර්නෑන්ඩු ඇතුළු 2FORTY2 සංගීත කණ්ඩායම විසින් සංගීතවත් කළ රාත්‍රීය බොහෝ විනෝදජනක වූවත් එම ස්ථානයට පැමිණ සිටි සියලූම දෙනාට එක් අරමුණක් තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් සතුව නවීන සහ වෙනස් අදහස් තිබුණත්, එම අදහස් මහ පොළවේ පැළ කිරීමට තිබූ අවස්ථාවන් විරල වුණා.

ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය, මගපෙන්වීම සහ ගුරුහරුකම් ලබා දීමට විධිමත් ආයතනයක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව මනසකින් හෙබි, අභිප්‍රේරිත ජනතාවක් ජීවත් වන ව්‍යවසායකත්ව රාජ්‍යයක් කිරීම පරම සහ එකම සිහිනය වන අප මේ රික්තය හඳුනා ගත්තා. එම රික්තකය පිරවීමේ අරමුණින් ඇති කළ 'සර්වජන භාරය' පෙරේදා (06) එළිදැක්වුණා.

jhseirtjft
කොළඹ ශැංග්‍රීලා හෝටලයේ දී, විදෙස් තානාපතිවරු, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික ප්‍රජාව සහ සර්වජන භාරයට මුදල් පරිත්‍යාග කළ පරිත්‍යාගශීලින්ගේ ප්‍රධානවත්වයෙන් උත්සවය පැවැත්වුණා. බිලී ෆර්නෑන්ඩු ඇතුළු 2FORTY2 සංගීත කණ්ඩායම විසින් සංගීතවත් කළ රාත්‍රීය බොහෝ විනෝදජනක වූවත් එම ස්ථානයට පැමිණ සිටි සියලූම දෙනාට එක් අරමුණක් තිබුණා.

ඒ සර්වජන භාරය හරහා ව්‍යවසායකත්ව මගට පිය මැනීමට උත්සාහ කරනා ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් ලබා දීමටම පමණයි. ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය, මගපෙන්වීම, අවස්ථාවන් සහ අභිප්‍රේරණය සර්වජන භාරය හරහා ලබා දීමට අප සුදානම්.

සර්වජන භාරය මේවනවිට ක්‍රියාත්මකයි.

sarwa

 
සබැඳි ලිපියක්
සර්වජනයා සහ සර්වජන භාරය

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...