The Leader News
BREAKING
Top Ad
පුවත්

අය - වැය ඉතිහාසයේ පළමු වතාවට නව යෝජනාවක් !

T

The Leader Desk

November 9, 2025 • 3:51 PM

 අය - වැය ඉතිහාසයේ පළමු වතාවට නව යෝජනාවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අය - වැය ඉතිහාසයේ පළමු වතාවට නව යෝජනාවක්.
  • නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කෙරේ.
  • රජය කළ යුත්තේ සුරතල් සතුන් ඇති කිරීමට විධිමත් උපදේශාත්මක මඟපෙන්වීම් ලබා දෙමින් පාසල් දරුවන්ගේ වයසේ සිට සතුන්ට ආදරය කරුණාව දැක්වීමේ ආකල්ප වැඩි දියුණු කිරිමයි.
  • නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවන රටාවන් වෙනස්වීමත් සමඟ බොහෝ පිරිසක් සුරතල් සතුන් ඇති කිරීමේ ප්‍රවණතාවක් ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

අය - වැය ඉතිහාසයේ පළමු වතාවට නව යෝජනාවක්.

 නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කෙරේ.

සත්ත්ව හිංසන වැළැක්වීමේ සහ සුරතල් සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ස්වෙච්ඡා සංවිධාන රැසකින් රජයට ප්‍රශංසා.

රජය කළ යුත්තේ සුරතල් සතුන් ඇති කිරීමට විධිමත් උපදේශාත්මක මඟපෙන්වීම් ලබා දෙමින් පාසල් දරුවන්ගේ වයසේ සිට සතුන්ට ආදරය කරුණාව දැක්වීමේ ආකල්ප වැඩි දියුණු කිරිමයි.

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන නා හිමියෝ,


වීදි සුනඛයින්ගේ රැකවරණය සහ සුරතල් සතුන් භූමදානය කිරීම සඳහා සේවා සහ පහසුකම් වැඩිදියුණු කිරීමට අය - වැය ඉතිහාසයේ පළමු වතාවට නව යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජයටත් ජනාධිපතිවරයාටත් ස්තුතිවන්න වන බව සත්ත්ව හිංසන වැළැක්වීමේ සහ සුරතල් සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ස්වෙච්ඡා සංවිධාන රැසක ප්‍රධානීහු ප්‍රකාශ කරති.


සතා සිවුපාවා පවා නිදහසේ ජීවත්වීමේ උරුමය තිබිය යුතු පිරිසක් බව අවබෝධ කර ගනිමින් රජයේ මෙවර අයවැයෙන් ස්වභාදහමට හා පරිසරයට සුරතල් සතුනට දක්වන ආදරය, කරුණාව, දයාව ප්‍රගුණ කිරීම සඳහා මේ ආකාරයට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කිරීම අගය කරන බව ද ඔවුහු පවසති.

නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවන රටාවන් වෙනස්වීමත් සමඟ බොහෝ පිරිසක් සුරතල් සතුන් ඇති කිරීමේ ප්‍රවණතාවක් ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. එවන් පසුබිමක සුරතල් සතුන් මිය ගිය විට භූමදානය කිරීම සහ ආදාහනය කිරීම ගැටලුවක්ව පවතින බව නොරහසකි.

ඔවුන්ට ද ගෞරවනීය සහ පාරිසරික වශයෙන් අවධානයක් යොමුකොට අවසන් කටයුතු කිරීමට ඉඩ කඩ තිබිය යුතුය. ඒ සඳහා පළාත් පාලන ආයතන සමඟ එක්ව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුල පුරමින් කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතන සමඟ බද්ධව නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අයවැයෙන් මුදල් වෙන්කිරීම සිදුකොට ඇත.

නාගරික ප්‍රදේශවල ව්‍යාප්තව පවතින වීදි සුනඛයින් සහ සුරතල් සතුන්  රැකබලා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම යටතේ ඔවුන් මිය ගිය පසු භූමදානය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මකමේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමියෝ.


සුරතල් සතුන් ඇතිකිරීම මේ වන විට අප සමාජයේ දැකිය හැකි සුලභ දසුනක්. විශේෂයෙන් සුනඛයින් සහ පූසන් ඇතිකිරීම  බහුලව දක්නට ලැබෙනවා. මෙම සතුන් සුරතලයට ඇති කිරීමේ දී ඔවුන්ට ලැබිය යුතු ආදරය, කරුණාව, බෙහෙත්හේත් ලබාදිය යුතුයි. බොහෝ විට අසනීපයක් වූ විට හෝ නැවත පැටවු ගැසූ විට ඔවුන්ට හිමිවන ආදරය ගිලිහී යනවා. සමහරුන් එවන් සතුන් මහ මඟට ඇද දමනවා. එය නොකළයුත්තක්.


රජය කළ යුත්තේ සුරතල් සතුන් ඇති කිරීමට විධිමත් උපදේශාත්මක මඟපෙන්වීම් ලබා දෙන වැඩසටහනක් නිර්මාණය කිරීමයි. එහිදී එම සතුන් ලියාපදිංචි කිරීමට වැඩ කළ යුතුයි. ඊට අමතරව ඔවුන්ට බෙහෙත්හේත් ලබාදීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.

සුරතල් සතුන් ඇති කිරීමේ වැඩපිළිවෙළේදී  ඔවුන්ගේ ආරක්ෂාව සහතික කළ යුතු බව ඇතිකරන පුද්ගලයින්ට ඒත්තු ගැන්විය යුතුයි. පාසල් දරු දැරියන්ට, සමාජයේ වැඩිහිටි අයට මෙන්ම තරුණ පිරිසටත් සුරතල් සතුන් ඇතිකිරීමේ ක්‍රමවේදය පිළිබඳ දැනුම ආකල්ප ලබාදීමට කටයුතු කළ යුතුයි.

සුරතල් සතුන් රැකබලා ගැනීමට කටයුතු කරන අතර රජයට පමණක් ඒ සියලු දේ කළ නොහැකියි. එම නිසා ස්වෙච්ඡා සංවිධාන, වැඩිහිටි සංවිධානවලට එම කටයුතු සිදු කිරීමට පහසුකම් සැපයීමට රජය වග බලා ගත යුතුයි. රජය ඒ සඳහා පෞද්ගලික අංශයේ පුණ්‍යකාමීන්ගේ සහයෝගය ලබා ගත යුතුයි. එවැනි තිරසාර වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කිරීම දිගුකාලීනව අඛණ්ඩව කළ යුතුයි. වත්මන් රජය මෙවර අය වැයෙන් පළමු පියවර තැබීම අගය කළ යුතුයි.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...