කීරි පොන්නි සම්බා මෙම සහල් තොගය අදාල ව්‍යාපාරිකයා නැව් ගාස්තු ද දරා මෙරටට යොමු කළ බවත් එම සහල් කිලෝවකට රුපියල් 65 බැගින් තීරු බදු ගෙවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍යංශය දැනුම්දී ඇති බවත් රුවන් අසුරමුණි කීය.
කොළඹ වරායේ රදවාගෙන තිබෙන නොමිලයේ ලැබුණු මෙම සහල් කිලෝග්‍රෑම් 130,000 ක ප්‍රමාණය විනාශවීමේ අවදානමකට ලක්ව තිබියදී ආණ්ඩුව ජනතාවට සහන දෙන්නේ යැයි අයවැය හරහා ප්‍රකාශ කරන බව කී රුවන් අසුරමුණි, නොමිලයේ ලැබෙන්නේ නම් සහල් කන්ටේනර් 200 කට හෝ අනුමැතිය ලබාදිය හැකි යැයි පවසා වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් තමන් නොමඟ යැවූ බව ද සඳහන් කළේය
මෙම සහල් තොගයෙක් කොටසක් මෙරට ප්‍රධානම ආගමික නායකයෙක් ද ජනතාවට පරිත්‍යාග කිරීමට ඉල්ලීමක් ද කර තිබූ බවත් ජනතාවට සහන දීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි පරිත්‍යාගවලින් තීරු බදු නිදහස් කිරීම බවත් ඔහු පැවසීය.
මෙම සහල් තොගය පිළිබඳව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා ගෙන් කළ විමසුමකදී පැවසුවේ එම සහල් තොගය පිළිබඳව දැනුවත්ව නොමැති බවත් ඒ පිළිබඳව සොයාබලා ප්‍රකාශයක් නිකුත් කරන බවත්ය.
(lankadeepa | යොහාන් භාසුර)
ජනතාවට බෙදන්න ගෙනා සහල්වලටත් බදු ඉල්ලයි
T
The Leader Desk
November 10, 2025 • 5:01 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කීරි පොන්නි සම්බා මෙම සහල් තොගය අදාල ව්‍යාපාරිකයා නැව් ගාස්තු ද දරා මෙරටට යොමු කළ බවත් එම සහල් කිලෝවකට රුපියල් 65 බැගින් තීරු බදු ගෙවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍යංශය දැනුම්දී ඇති බවත් රුවන් අසුරමුණි කීය.
- මෙම සහල් තොගය පිළිබඳව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා ගෙන් කළ විමසුමකදී පැවසුවේ එම සහල් තොගය පිළිබඳව දැනුවත්ව නොමැති බවත් ඒ පිළිබඳව සොයාබලා ප්‍රකාශයක් නිකුත් කරන බවත්ය.
- ( lankadeepa | යොහාන් භාසුර).
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



