The Leader News
BREAKING
Top Ad
පුවත්

නුවරඑළිය ගොවින් වර්ජනයක - එළවළු අලෙවියත් ප්‍රවාහනයත් නෑ

T

The Leader Desk

November 10, 2025 • 6:16 AM

නුවරඑළිය ගොවින් වර්ජනයක - එළවළු අලෙවියත් ප්‍රවාහනයත් නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, අද (10) දිනයේ නුවරඑලියේ එළවලු අස්වැන්න අලෙවි කිරිමෙන් සහ ප්‍රවාහනය කිරිමෙන් වැළකී සිටින බවත්, ඔහු කියා සිටියේය.
  • මේ පිලිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර කඩිනමින් විසදුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරියෙදි මීට වඩා ගොවීන් එක් වී දැඩි තීරණයකට එළබෙන බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක වැඩි දුරටත් කියා සිටියේ ය.
  • මේ අතර, මෙම ගොවි වර්ජනය ක්‍රියාමාර්ගය ප්‍රකාශවීමත් සමග ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල සති අන්තයේ දැඩි තදබදයක් දක්නට ලැබුණු අතර එළවලු මිල පහත වැටීමක් ද වාර්තා විය.
  • අර්තාපල් සහ ලොකු ලූණු සඳහා බදු පැනවීමෙන් සැබෑ වාසිය ගියේ ගොවියාට නොව ආනයකරුවාට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ රටේ අල ගොවීන් සහ බී ලූණු ගොවියන් තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටියදී ආනයනික අර්තාපල් සහ බී ලූණු සදහා දේශීය ගොවියා රැක ගැනීමට සරිලන බද්දක් අය නොකිරිමට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගයට එළබෙන බව තරිදු රත්නායක ඊයේ (08) දින පස්වරුවේ නුවරඑලියේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

ඒ අනුව, අද (10) දිනයේ නුවරඑලියේ එළවලු අස්වැන්න අලෙවි කිරිමෙන් සහ ප්‍රවාහනය කිරිමෙන් වැළකී සිටින බවත්, ඔහු කියා සිටියේය.

මේ පිලිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර කඩිනමින් විසදුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරියෙදි මීට වඩා ගොවීන් එක් වී දැඩි තීරණයකට එළබෙන බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක වැඩි දුරටත් කියා සිටියේ ය.

මේ අතර, මෙම ගොවි වර්ජනය ක්‍රියාමාර්ගය ප්‍රකාශවීමත් සමග ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල සති අන්තයේ දැඩි තදබදයක් දක්නට ලැබුණු අතර එළවලු මිල පහත වැටීමක් ද වාර්තා විය.

අර්තාපල් සහ ලොකු ලූණු සඳහා බදු පැනවීමෙන් සැබෑ වාසිය ගියේ ගොවියාට නොව ආනයකරුවාට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසිය.



whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...