පත්වීම් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ (10) සිදු විය.
විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ඒ. කලුආරච්චි කළමණාකරණ මණ්ඩලයේ නව සාමාජික සභාපති ලෙස පත් කර ඇති අතර, ජේ.කේ.මහල්පත්, වෛද්‍ය යු.ඒ.කේ. තෙන්නකෝන්, එස්.සෙල්ලතම්බ් සහ වෛද්‍ය එන්. ප්‍රනාන්දු සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබේ.
2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 42( 3) (ආ) සහ 43 (1) වගන්ති ප්‍රකාරව ගරු ජනාධිපතිතුමා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත.
අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් නීතිමය වැඩපිළිවෙළක් හඳුන්වා දීම මඟින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීම සඳහා 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවා ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.





