The Leader News
BREAKING
Top Ad
පුවත්

වැඩිමිලට ඖෂධ විකිණීමේ නඩුව : ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂවරුන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ප්‍රතික්ෂේප වේ

T

The Leader Desk

November 11, 2025 • 3:42 AM

වැඩිමිලට ඖෂධ විකිණීමේ නඩුව : ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂවරුන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ප්‍රතික්ෂේප වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඔ මහාධිකරණය නිකුත් කළ නියෝගයකට එරෙහිව නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂවරුන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම අභියාචනාධිකරණය ඊයේ (10) ප්‍රතික්‍ෂෙප කළේ ය.
  • පෙත්සම්කාර නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහල සහ එහි අධ්‍යක්‍ෂවරු වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක, නිලංක පොල්ගම්පොළ සහ රලිත අමරසේන යන අය සමග ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියේ ය.
  • දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකාර ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනරාල් ලක්මිණී ගිරිහාගම ඉදිරිපත් කළ විරෝධතාවය පිළිගත් අභියාචනාධිකරණය මෙම අභියාචනය විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්‍ෂෙප කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඔ මහාධිකරණය නිකුත් කළ නියෝගයකට එරෙහිව නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂවරුන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම අභියාචනාධිකරණය ඊයේ (10) ප්‍රතික්‍ෂෙප කළේ ය.

අභියාචනයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැත

අභියාචනයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැතැයි පෙන්වා දෙමින් වගඋත්තරකාර ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනරාල් ලක්මිණී ගිරිහාගම ඉදිරිපත් කළ මුලික විරෝධතාව පිළිගනිමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහෙන්ද්‍රන් සහ අමල් රණරාජා යන අය ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසින් අදාළ අභියාචන පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්‍ෂෙප කිරීමට නියම කරන ඇත.

නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂවරුන් වන සභාපති අශොක් කාරියවසම්, මංජුල ප්‍රසන්න කරුණාරත්න, හරීස් කුමාර් කයිමාල්, විශාල් බාලී, අංකූර් නාත් තදානී, සුදර්ශන් අහංගම, හරිෂ් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා සහ අජිත් කරුණාරත්න යන අය ගොනු කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය, නීතීපතිවරයා සහ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සනත් කුමාර අතුකෝරල නම් කර ඇත.

අතුරු නියෝගය නිකුත් කිරීම ද ප්‍රතික්ෂේපිත ය

ඖෂධ නියාමක අධිකාරි පනත උල්ලංඝනය කරන ලදැයි චෝදනා කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තමන්ට එරෙහිව මාලිගාකන්ද  මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇතැයි ද එම නඩුවට අදාළව පසුගිය ජනවාරි මාසයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගැනීමෙන් පසු රුපියල් 25000/-ක දඩ මුදලකට යටත් කළ බව ද අභියාචනා පෙත්සමේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පැවරූ නඩුවක දී තමන් පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවට සඳහන් කර ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඉන් අනතුරුව අවස්ථාවක දී කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම් පතක් ඉදිරිපත් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාගය ගැනීම වළකාලන ලෙස අතුරු නියෝගයක් ඉල්ලා සිටියත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ එම නඩුව කැඳවු සැප්තැම්බර් 25වන දා අදාළ අතුරු නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කර ඇත.

සැප්තැම්බර් 25වන දා පස්වරුවේ දී ම මාලිගාකන්ද උසාවියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී තමන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් තමන් අත්අඩංගුවට ගැනීමට මාලිගාකන්ද උසාවිය වරෙන්තු නිකුත් කළ බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ මාලිගාකන්ද උසාවිය වරෙන්තු නිකුත් කිරීමේ නියෝගය මෙන්ම කොළඹ මහාධිකරණයෙන් අතුරු නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් දුන් නියෝගය ද ඉවත දමන්නැයි ඉල්ලා සිටිති.

අදාළ පෙත්සම් සලකා බැලු අවස්ථාවේ දී පෙත්සම්කාර පෞද්ගලික රෝහල වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක ඇතුළු නීතීඥ මඩුල්ලක් සමග පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා කරුණු දක්වමින් මාලිගාකන්ද උසාවියේ නියෝගය මෙන්ම කොළඹ මහාධිකරණයෙන් අතුරු නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් දුන් නියෝගය ද ඉවත දැමීමට නියම කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම් විභාග කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේ ය.

 

වගඋත්තරකාර ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම කරුණු දක්වමින් අභියාචනා උසාවියක් දුන් නියෝගයකට එරෙහිව තවත් අභියාචනා උසාවියකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතීයේ ප්‍රතිපාදන සලසා දී නොමැති හෙයින් මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්‍ෂෙප කරන්නැයි ඉල්ලා සිටියා ය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකාර ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනරාල් ලක්මිණී ගිරිහාගම ඉදිරිපත් කළ විරෝධතාවය පිළිගත් අභියාචනාධිකරණය මෙම අභියාචනය විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්‍ෂෙප කළේ ය. පෙත්සම්කාර නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහල සහ එහි අධ්‍යක්‍ෂවරු වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක, නිලංක පොල්ගම්පොළ සහ රලිත අමරසේන යන අය සමග ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියේ ය.

පැමිණිල්ල වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර සමග නීතීපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ නිමේෂා ද අල්විස් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම ය පෙනී සිටියා ය.

සිද්ධියෙන් අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල වෙනුවෙන් නීතීඥවරුන් වන සරින්ද ජයවර්ධන, ඉෂාන් ජයසුන්දර සමඟ ජනාධිපති නීතීඥ සාලිය පීරීස් පෙනී සිටියේ ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...