The Leader News
BREAKING
Top Ad
පුවත්

මහින්ද නුගේගොඩ රැලියට නොඑන හේතු කියයි !

T

The Leader Desk

November 11, 2025 • 6:37 AM

මහින්ද නුගේගොඩ රැලියට නොඑන හේතු කියයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ තමාගේ සුවදුක් බැලීමට රටවටෙන්ම දිනපතා තංගල්ලට එන ජනතාව හමුනොවී සිටීමට බැරි නිසාත් තංගල්ලේ සිට නුගේගොඩට පැමිණීමට අමතර කාලයක් යෙදවීමට සිදුවන නිසාත් යැයි ද හිටපු ජනපතිවරයා කියා සිටියි.
  • මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.
  • ඒ එළඹෙන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජන රැලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.
  • වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන්ට එරෙහිව එළඹෙන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජනරැලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් ඊයේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ තමාගේ සුවදුක් බැලීමට රටවටෙන්ම දිනපතා තංගල්ලට එන ජනතාව හමුනොවී සිටීමට බැරි නිසාත් තංගල්ලේ සිට නුගේගොඩට පැමිණීමට අමතර කාලයක් යෙදවීමට සිදුවන නිසාත් යැයි ද හිටපු ජනපතිවරයා කියා සිටියි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.

''ආණ්ඩුවට එරෙහිව විපක්‍ෂය මගින් සංවිධානය කරන විරෝධතා රැලිය ගැන මගේ කිසිම අකැමැත්තක් නැහැ. ඊට අපි උඩින්ම කැමැතියි. මෙම අවස්ථාවට මම සහභාගි නොවීම සමහරු වරදවා තේරුම් ගන්න පුළුවන්. මෙදා අයවැය ඇල්වතුර වගෙයි. මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරද්දී ආණ්ඩුව අපිට ඇඟිල්ල දික්කෙරුවාට ඒත් අපි නිවැරදියි කියලා දැන් ජනතාවට තේරිලා.''

21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

1762782944 nalama L
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ කණ්ඩායමක් වසර 10කට පමණ පසු ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණ තිබුණි.

ඒ එළඹෙන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජන රැලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන්ට එරෙහිව එළඹෙන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජනරැලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් ඊයේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට පැමිණියේ වසර 10කට පමණ පසුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාව සඳහා එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක පවසා සිටියේ, "ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලු පක්ෂ එකම වේදිකාවකට. මාලිමාවට කතිරේ ගහපු අයට රැවටුණු බව තේරිලා. 21 වැනිදා අපි මේ බොරුව හෙළිකරනවා." යනුවෙනි.

මාධ්‍යවේදියා -
අවුරුදු 10කින් විතර නේද නිදහස් පක්ෂ මූලස්ථානයට ආවේ ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ,


 "රැලිය ගැන සාකච්ඡා කරන්න ආවා ආණ්ඩුවට කියන්නේ දුන්න පොරොන්දු ඉටුකරන්න. පසුගිය අයවැය යෝජනා වලින් 50%ක්වත් කරලා නැහැ. එහෙම තියෙද්දි ජනාධිපති පැය 4 1/2ක් කතා කරනවා. කවුද කැබ් 1700ක් ඕනේ කිව්වේ ? මොන ආයතනයෙන්ද කැබ් රථම ඉල්ලලා තියෙන්නේ ? කැබ්ම ඉල්ලපු කෙනාවයි අපි සොයන්නේ. ආණ්ඩුවට යම් යම් අය සතුටු කරන්න ඕනේ ඇති. ආණ්ඩුව බොරු කියන බව ජනතාව තේරුම් අරගෙන ඉන්නේ. කුඩු අයිස්වලට මාවයි අත්අඩංගුවට ගන්න හැදුවේ. ඒක පැලවත්තටම කඩාගෙන වැටුණා. ආණ්ඩුව දේශපාලනය කරන්නේ පික් පොකට් න්‍යායෙන්. ඔය මතයේ ඉන්න සියලුදෙනා 21 නුගේගොඩ එයි."



whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහින්ද නුගේගොඩ රැලියට නොඑන හේතු කියයි ! | The Leader