කෙසේ වෙතත් අධිකරණය ඊට අදාල තීන්තුව ලබාදීමටත් පෙර ඇතැම් මාධ්‍ය විසින් මේ ආන්දෝලනාත්මක පුවත ඒකපාර්ශවීය ලෙස ප්‍රචාරය කරමින් සිටී.
විශ්වාසදායක අභ්‍යන්තර තොරතුරු මගින් හෙලිවන්නේ පොලිසියේ ඉහල මට්ටමේ සෘජු මැදිහත්වීමක් මත මේ ඒකපාර්ශවීය ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවයි.
මේ විමර්ෂණ කටයුතු සිදුවන අතර තමන්ගේ සිතැගි පරිදි මාධ්‍යවලට පොලිසියේ ඉහළ මට්ටමෙන් අදාල ප්‍රවෘත්තිය ලබාදෙමින් සිටින බව පැවසේ.
අධිකරණයේ ස්වාධීනත්වයටත්, පොලිසියේ අපක්ෂපාතී පරීක්ෂණවලටත් පොලිසියේ ඉහළ මට්ටමේ සිදුවන මේ මැදිහත්වීම බලපා ඇති අතර සාධාරණ පරීක්ෂණයක් සඳහා සහය නොදෙන මට්ටමට තත්ත්වය උග්‍ර වී ඇතැයි පවසේ.
මේ වනවිට පොලිස් කොමිසමට පවා මේ ඉහළ මට්ටමේ පොලිස් බලපෑම පීඩාවක් වී ඇති අතර පොලිසිය අභ්‍යන්තරයේ ද මේ ගැන විශාල ආන්දෝලනයක් හටගෙන තිබේ.




