විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද (12) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
එම අවස්ථාවේ දී වැවි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනයට කිරීමට රජයේ උත්සාහයක්
''ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි පරිච්ඡේදය මගින් ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන අතර ම අනෙකුත් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. ඒ වගේ ම බුද්ධශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් විය යුතු බවට එහි සඳහන් වෙනවා. බුද්ධශාසනය මෙන්ම එහි චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන සංඝයා වහන්සේලා ආරක්ෂා කිරීමත්, චිරාත්කාලයක් පැවැත ආ සඟ පරපුරේ පිළිවෙත් හා එහි උරුමයන් ආරක්ෂා කිරීමත් රජයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතු වුවත් වත්මන් රජය එම සංස්කෘතික උරුමයන් නොසලකා හැර කටයුතු කරන බවක් දකින්න ලැබෙනවා.
1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනයට කිරීමට රජය උත්සාහ ගන්නේ නම් එම යෝජිත සංශෝධන ඉදිරිපත් කරන්න. මෙම පනත සංශෝධනයට පසුබිම් වූ කරුණු කාරණා ඉදිරිපත් කරන්න. මේ පනත සංශෝධනය හරහා කෘත්‍යාධිකාරි හිමිවරුන්ට පනත මගින් ලබා දී ඇති වරප්‍රසාද අහෝසි කිරිමට රජය උත්සාහ ගන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය යි.
බුදු දහමට අගෞරව වන අයුරින් හැසිරෙන භික්ෂූන්ලා ශාසනයෙන් ඉවත් කරන්න
එසේම පිරිවෙන් හි ඉගැන්වීම් කරන ගිහි ආචාර්යවරුන් වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපන පනතට පටහැනි බලතල හෝ වරප්‍රසාද ලබා දීමට රජය උත්සාහ කරන්නේ නම් ඊට පාදක වු කරුණු ඉදිරිපත් කරන්න. පිරිවෙන් අධ්‍යාපනය සම්ප්‍රදානුකූල ඉගැන්වීමෙන් බැහැරව ක්‍රියාත්මක වන නිසා පැහැදිලි පිළිතුරක් දෙන්න. පිරිවෙන් අධ්‍යාපනයේ විෂය නිර්දේශ සංශෝධනය යෝජිත වැඩපිළිවෙළත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන විෂයන් සහ කාලරාමුව ඉදිරිපත් කරන්න.
සඟ පරපුර වෙනුවෙන් ලබා දී ඇති නිත්‍යනුකූල ආරක්ෂාව ප්‍රමාණවත් ද...?
1931 අංක 19 දරන බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනතේ 41 සහ 42 වගන්ති මගින් සඟ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී ඇති නිත්‍යනුකූල ආරක්ෂාව ප්‍රමාණවත්ද කියා රජය පැහැදිලි කළ යුතු යි. මේ වගන්ති සංශෝධනයට රජය සතු වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න. මේ වගන්ති සංශෝධනය කර සඟ පරපුරට ලබා දෙන ආරක්ෂාව ශක්තිමත් කරන ලෙස මහනායක හිමිවරුන් පවා ඉල්ලීම් කර තිබෙනවා.




