The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රසන්න රණතුංගට එල්ලවී ඇති නව දූෂණ චෝදනා මොනවද ?

T

The Leader Desk

November 12, 2025 • 10:41 AM

ප්‍රසන්න රණතුංගට එල්ලවී ඇති නව දූෂණ චෝදනා මොනවද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.
  • දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අද (නොවැම්බර් 12 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.
  • ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
  • සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ලවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළේය.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අද (නොවැම්බර් 12 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.

ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

සිද්ධිය කුමක් ද?

prasanna bribary ප්‍රසන්න රණතුංග කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ අයුරු

 

2021 වර්ෂයේදී සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය යන ආයතන හතරේ සේවකයින් සඳහා සෘජු වෛද්‍ය රක්ෂණයන් රාජ්‍ය සංස්ථාවක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුවම ගැනීමට හැකියාව තිබී ඇත.

එහෙත් මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් නැමති තැරැව්කාර සමාගම ඒ සඳහා මැදිහත් කර ගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් නොගෙවිය යුතු රුපියල් 4,750,828.72ක මුදලක් (රුපියල් හතළිස් හත් ලක්ෂ පනස් දහස් අටිසිය විසි අටයි ශත හැත්තෑ දෙකක) මුදලක් අදාළ තැරැව්කාර සමාගම වෙත ගෙවීමට සලස්වා තිබේ.

එමගින් අදාළ තැරැව්කාර සමාගමට අයුතු වාසියක් සිදුකිරීම සහ එයින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක පාඩුවක් කළ බවට හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට චෝදනා එල්ල වී තිබේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මොහුව අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

(මුලාශ්‍රය | බීබීසී සිංහල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...