The Leader News
BREAKING
Top Ad
පුවත්

'රටේ බහුතර ජනතාව මාලිමා රජය පිළිබඳ තැබූ විශ්වාසය කිසිඳු අයුරකින් පලුදු කරල නැහැ'

T

The Leader Desk

November 12, 2025 • 2:49 PM

'රටේ බහුතර ජනතාව මාලිමා රජය පිළිබඳ තැබූ විශ්වාසය කිසිඳු අයුරකින් පලුදු කරල නැහැ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ථාවරත්වය කරා මෙහෙයවා ඇති බව කාටත් රහසක් නොවේ යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.
  • අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී කළ කතාවේ දී ය.
  • ''විශේෂයෙන්ම 2026 වසර සඳහා වූ අයවැය යෝජනා පිළිබඳ විවාදයට මා වෙත අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා...!
  • ඊට අමතරව ණය පොලිය ලෙස බිලියන 2617ක්, අත්තිකාරම් ලෙස බිලියන10ක්, ඒ අනුව, මුළු වියදම බිලියන 7102ක් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්ථාවරත්වය කරා මෙහෙයවා ඇති බව කාටත් රහසක් නොවේ යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී කළ කතාවේ දී ය.

මතු පළ වන්නේ අමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව ය.

''විශේෂයෙන්ම 2026 වසර සඳහා වූ අයවැය යෝජනා පිළිබඳ විවාදයට මා වෙත අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා...!

අයවැය හිඟය රුපියල් බිලියන 1757ක් දක්වා පහළ අගයකට

අපි මේ අයවැය යෝජනා කෙටියෙන් විග්‍රහ කළොත්, 2026 වසර සඳහා මුළු ප්‍රාථමික වියදම් ලෙස රුපියල් බිලියන 4485ක් වෙන්කර ඇති අතර, එහි සියලු ම අමාත්‍යංශ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව වසරේ අයවැය ක්‍රියාත්මක කිරීම පිණිස බිලියන 109.42ක් අඩංගු වෙනවා. ඊට අමතරව ණය පොලිය ලෙස බිලියන 2617ක්, අත්තිකාරම් ලෙස බිලියන10ක්, ඒ අනුව, මුළු වියදම බිලියන 7102ක් වෙනවා. වසරේ අපේක්ෂිත ආදායම බිලියන 5355ක්. එවිට අයවැය හිඟය රුපියල් බිලියන 1757ක් දක්වා පහළ අගයකට ගෙන ඒමට අප උත්සහ කර තිබෙනවා.

මීට අමතරව, ගෙවිය යුතු ණය වාරික සඳහා බිලියන 1878ක්ද, භාණ්ඩාගාර බිල්පත් ගැලපීම සඳහා බිලියන 109ක්ද වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුවෙන් අවසර ගත යුතු ණය ගැනීමේ සීමාව ලෙස බිලියන 3740ක් ලෙස සඳහන් වෙනවා.

ප්‍රධාන උපාය මාර්ගික අරමුණු 06ක්

රටේ බහුතර ජනතාව අපගේ රජය පිළිබඳ තැබූ විශ්වාසය කිසිඳු අයුරකින් පළුදු නොකරමින් අපි මේ රටේ ආර්ථිකය ස්ථාවරත්වය කරා මෙහෙයවා ඇති බව කාටත් රහසක් නොවේ. නමුත් අපි කරන්නෙ සාම්ප්‍රදායික අයවැයක් ඉදිරිපත් කිරීමක් නොවයි. මෙහි දී, ඒ කියන්නෙ වසරින් වසර කඩලා එහි අයවැය ඉදිරිපත් කිරීම නොවෙයි. අපි පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වසරින් වසර ඉදිරියට යන ප්‍රතිපත්තිමය අරමුණු සාක්ෂාත් කර ගැනීමේ නොනවතින වැඩපිළිවෙළක් පිළිබඳ සැලසුමෙහි 2026 වසරට අයත් වන කාර්යභාරය තමයි අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නෙ. එහිදී අපි ප්‍රධාන උපාය මාර්ගික අරමුණු 06ක් අනුව කටයුතු කරනවා.

01. තිරසර සහ සැමට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක්

එහි දී, ආයෝජන කැඳවීම ප්‍රමුඛ වන අතර, ආයෝජන කැඳවීම සඳහා අවශ්‍ය ප්‍රවාහන, මහාමාර්ග, සන්නිවේදන, ඩිජිටල් වගේම බලශක්ති වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපගේ මූලික අරමුණක්.

එහි දී විශේෂයෙන් ම බලශක්ති ප්‍රවර්ධනයේ දී ආයෝජකයින්ගේ බලශක්ති අවශෝෂණය කිරීමට අවශ්‍ය සම්ප්‍රේෂණ පද්ධතිය කඩිනමින් වර්ධනය කිරීම ඉතා ඉහළ ප්‍රමුඛතාවයෙන් යුතු කාර්යයක් ලෙස සලකා හබරන, කප්පල්තුරෛ, සාම්පූර්, කිලිනොච්චි යන සම්ප්‍රේෂණ පද්ධතීන් ගොඩ නැගීමට අවශ්‍ය මූලික කටයුතු දැනටමත්, ආරම්භ කර තිබෙනවා. මීට අමතරව, හබරන, කිරිඳිවැල, නොරොච්චෝලෙ, වාරියපොල, මොණරාගල, හම්බන්තොට සම්ප්‍රේෂණ පද්ධතීන් සැලසුම් කර ටෙන්ඩර් කැඳවා, සෘජු විදේශ විනිමය මගින් ගොඩ නැගීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ආයෝජන කැඳවීමට අවශ්‍ය ණය තිරසර කරණය ඉදිරියට ගෙන යෑම.

ආයෝජකයාට හිතෛෂී ලෙස නීතිරීති හඳුන්වා දී සැමට එක ලෙස සැලකීම සාධාරණව තහවුරු කිරීම.

ආයෝජකයන්ගේ පහසුව පිණිස National Single Window ඇති කිරීම.

02.  අපනයනය විවිධාංගීකරණ, භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය

වෙළඳපොළ විවිධාංගීකරණය, අපනයනකරුවන්ගේ පහසුව පිණිස National Single Window හඳුන්වා දීම.

03. ණය තිරසරභාවය

මේ වන විට ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබන අප විසින් 2032 වන විට ළඟා කරගත යුතු ආර්ථික දර්ශක අගයන් නැතහොත් ඉලක්කයන් දැනටමත් ළඟා කර ගැනීමට සමත් වීම විශාල ජයග්‍රහනයක් ලෙස සලකනවා. නමුත් අපේ ව්‍යායාමය අපි තවදුරටත් ඉදිරියට කරගෙන යනවා.

04. නිෂ්පාදන ආර්ථිකය
කෘෂි, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරි ගැන්වීම.

ඛනිජ සම්පත් ආශ්‍රිත අගය එකතු කිරීමේ නිෂ්පාදන ප්‍රවර්ධනය.

දැනට ආනයනය කරනු ලබන පාරිභෝගික භාණ්ඩ මෙරටදී ම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම.

ආහාර සුලභතාවය, සුරක්ෂිතතාවය සහතික කිරීම

ඇප රහිත මෙන් ම සහන ණය යෝජනා ක්‍රම හඳුන්වා දී ක්‍රියාත්මක කිරීම.

05.  දුප්පත්කම තුරන් කිරීම

ආර්ථික වශයෙන් දුර්වල ජනතාව සවිබල ගන්වා ආර්ථිකයට එකතු කිරීම.

ඇත්තටම රටේ පවුල් සංඛ්‍යාවෙන් 75%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට අස්වැසුම සහනාධාරය ඉල්ලා සිටිනවා. ඇත්තටම මෙය පිටු දැකිය යුතුයි කියන තැන තමයි අපි ඉන්නෙ. එහි දී පියවර කිහිපයක් යටතේ මෙම කොටස් ක්‍රමයෙන් දුගී භාවයෙන් ගලවා ගැනීම අපේ රජයේ අරමුණයි.

පැවති රජයන් එම ජනතාව තමන්ගේ දේශපාලන ව්‍යාපෘතීන් සඳහා එම තත්වයේ ම පවත්වාගෙන නඩත්තු කිරීම සිදු කළත්, අපේ රජයේ ප්‍රතිපත්තිය එය නොවෙයි. පියවරෙන් පියවර මේ දැනට අස්වැසුම ප්‍රතිලාභීන් ඉහළ ආර්ථික මට්ටමට ඔසවා තබන ගමන්ම යට මට්ටම අපි තව දුරටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු හා ඊට අවශ්‍ය මුදල් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා.

06. ඩිජිටල්කරණය

එහි දී රාජ්‍ය සේවය විශේෂත්වයකින් සලකනු ලබන අතර, රාජ්‍ය සේවය, ගෞරවාන්විත සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමේ අරමුණක් ලෙස එක් ජාලයක් යටතට ගෙන ඒම.


කාර්යක්ෂම ලෙස ආදායම් එකතු කිරීම

ධීවර කර්මාන්තකරුවන් මෙන්ම කර්මාන්තකරුවන් ජාලගත කර අවශ්‍ය පහසුකම් සැකසීම. විශේෂයෙන් ම, ධීවර ජනතාවට අවශ්‍ය සන්නිවේදන පහසුකම් සපයා කාලගුණික තත්ත්වය, මාළු සිටිනා ස්ථාන හඳුනා ගැනීම, මුහුදේ තත්ත්වය වැනි සෑම දෙයක්ම ධීවර ජනතාවට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් විදිහට කටයුතු සලස්සන්න අපි ආණ්ඩුව විදිහට කටයුතු කරගෙන යනවා.

පාරදෘශ්‍ය භාවය තුළින් දූෂණය මුලිනුපුටා දැමීම

ඇත්තට ම අපි ඉදිරියේ දී  ඩිජිටල්කරණය අනුගත වෙමින් ප්‍රසම්පාදන කටයුතු E-Procurement ලෙස  සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි දී ගොඩක් වෙලාවට අපිට පාරදෘශ්‍යභාවය පෙන්නන්න, පවත්වාගෙන යන්න පුළුවං. ඒ වගේම සෑම ගෙවීමක් ම අපි ඉදිරියේ දී Cashless  විදියට ගෙනයන්න අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙනවා. එතකොට සෑම තැනක ම දූෂණය කරන්න අමාරුයි. පාරදෘශ්‍යභාවය පෙන්නන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් ආරම්භ කරලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඩිජිටල් තාක්ෂණය කිව්වාම ඒකට අපි කර්මාන්තයක් විදිහට ගේන්න ඕනේ. ඩිජිටල් තාක්ෂණය Supporting Service  විදිහට අපි පාවිච්චි කරන්නෙ මෙතනින් එහාට ඩිජිටල් තාක්ෂණය ම කර්මාන්තයක් විදිහට ලොව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සංවර්ධන කටයුතු  අප විසින් දියත් කරලා තියෙනවා.

ඒකෙ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා මූලික අරමුණු සහ මූලික කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම අපි ලබන  වසර තුළ සන්නිවේදන කුලුනු 100ක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රය, ඩිජිටල් ක්ෂේත්‍රය එකට බැඳුණු Data Centers ඇති කිරීමේ මූලික අරමුණු අපි දැන් ආරම්භ කරලා තියෙනවා. මොකද ඒවට බොහොම වැඩි ආයෝජන සහිත සමාගම් සහ ඒකට අවශ්‍ය උනන්දුව තියෙන පුද්ගලයින් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒකට අවශ්‍ය කටයුතු කරනවා. මොකද Data Centers හරහා අපිට ලොකු ආදායමක්, ඒ වගේම අපි ඒක හරහා අපේ බලශක්තිය එතනට යොදවන්න පුළුවං. ඒ හින්දා අපි ඒ සංවර්ධන කටයුතු කරනවා.''

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...