පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (11) සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ එස්. එම්. මරික්කාර්...
කිසිම දෙයක කිසිම මිලක් අඩු වෙලා නෑ
''වර්තමාන ආණ්ඩුවේ දෙවෙනි අය වැය ඉදිරිපත් කරනකොට අවුරුද්දක් ගිහිල්ලා ඉවරයි. මේ අයවැය ගැන අපිට කියන්න තියෙන්නේ මේක ගුණත් නෑ, අගුණත් නෑ, නිකං පතෝල වගේ. හැබැයි ලස්සන වචන හරඹයකින් ඉදිරිපත් කරා. මේක නිකන් පොඩි එකාගේ සෙල්ලම් පොත වගේ අයවැයක් තමයි කියල තියෙන්නේ.
පැහැදිලිවම කියන්න පුළුවන් මේ අයවැයෙන් ජනතාවට බඩු මිලේ අඩුවීමක් වෙලා නැහැ. කරන්ට් බිල අඩු වෙලත් නැහැ. වතුර බිල අඩුවෙලත් නැහැ. පාසල් පොත් පෑන් පැන්සල්වල මිල අඩු වෙලත් නැහැ. බෙහෙත් වල මිල අඩු වෙලත් නැහැ. බදු අඩු වෙලත් නැහැ. බස් ගාස්තු අඩු වෙලත් නෑ. මෙකී නොකී සෑම දෙයක්ම ජනතාවගේ උදේ නැගිටලා බොන වතුර වීදුරුවෙ ඉඳලා රෑට නිදාගන්න කලින් බොන බේත් පෙත්ත දක්වා කිසිම දෙයක කිසිම මිල අඩුවක් වෙලා නැහැ. කයියයි පම්පෝරියයි නම් අම්බානක තියෙනවා.
මාලිමා ආණ්ඩුව කරපු දේවල්...!
මේ අයවැය දැක්කහම නිකන් හිතෙන්නේ, මේ ආණ්ඩුව තමයි ලංකාවට නිදහස අරන් දීලා තියෙන්නේ, මේ ආණ්ඩුව තමයි ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දීලා තියෙන්නේ, මේ ආණ්ඩුව තමයි ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වලා දීලා තියෙන්නේ, මේ ආණ්ඩුව තමයි ලංකාවට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වලා දීලා තියෙන්නේ, මේ ආණ්ඩුව තමයි ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙනිහිල්ල තියෙන්නේ, මේ ආණ්ඩුව තමයි මේ රටේ විශ්වවිද්‍යාල හදලා තියෙන්නේ, මහපොළ ශිෂ්‍යත්ව අඳුන්වල දීලා තියෙන්නේ, ඊළඟට රන්දෙණිගල වික්ටෝරියා ජලාශ හදල ලංකාවට විදුලිය දීල තියෙන්නෙත් මේ ආණ්ඩුව. ඊගාවට නිවාස දස ලක්ෂය, ගම් උදාව, ගල්ඔය ව්‍යාපාරය, ගෙනල්ල තියෙන්නෙත් මේ ආණ්ඩුව. සුවසැරිය අඳුන්වල දීල තියෙන්නෙත් මේ ආණ්ඩුව, ඊළඟට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හදලා වරායවල් හදලා අපනයන ආර්ථිකය මේ රටට හඳුන්වලා දීලා තියෙන්නේ මේ ආණ්ඩුව. වෛද්‍ය විද්‍යාල ගෙනල්ල තියෙන්නෙ මේ ආණ්ඩුව, මහවැලි ව්‍යාපාරය හඳුන්වල දීල තියෙන්නෙත් මේ ආණ්ඩුව.
කුවේණිය ලංකාවේ ආපු දවසේ ඉඳලා මෙතෙක් කරල තියෙන ඔක්කොම කරලා තියෙන්නේ මේ ආණ්ඩුව. අර හර්ෂණ ගාමර් නින්දෙන් නැගිටලා වගේ පාර්ලිමේන්තුවේ දී කියවන්නේ,කෑම පෝලිම් බෙහෙත් පෝලිං තිබිච්ච රටක්ලු බාරගත්තේ. මොන විකාරයෙන් ඉන්නවද මන්දා.
අනුර ජේ ආර් ගෙ මුනුබුරෙක් ද...?
හැබැයි ජනාධිපතිතුමාට මම ස්තූතිවන්ත වෙනවා කොන්ද පණ ඇතුව මේ අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධව. මොකද අපිට ඕන ටික ඔක්කොම එතුමා කරනවා. නිකන් ජේ ආර් ගේ මුණුබුරා වගේ. හැත්තෑදාහක් ද අනු දාහක්ද ළමයි පාරට බස්සපු මේ ආණ්ඩුව, දැන් කියනවා ළමයි පාඩම් කරලා විභාග ලියලා එන්න, රස්සා පෝලිමේ ආවට දෙන්නේ නෑ කියලා.
විපක්ෂයේ ඉඳිද්දී හැම දේකටම විරුද්ධ වෙච්ච මේ ගොල්ලෝ, ජනාධිපතිතුමා ම දැන් කියනවා 2023 දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හදලා විවෘත කරලා තිබුණා නම් කොච්චර ෂෝක් ද? රාජ්‍ය ආයතන විකුණනවට විරුද්ධ වෙච්ච මේ ගොල්ලෝ දැන් කියනවා, පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණන්න ඕන නැද්ද? එකඟ නැද්ද? කියලා. පැහැදිලිවම කියන්න පුළුවන් මේ ආණ්ඩුව රෙදි නැතුව හෙළුවෙන් දුවන්නේ.
වැට් බදු සෙල්ලම
ජනතාව කබලෙන් ලිපට ඇදලා දාන්න තව පොයින්ට් එකක් මේ අයවැයේ තියෙනවා. වැට් බද්දට ලියාපදිංචි වීම රුපියල් මිලියන 60 ඉඳලා රුපියල් මිලියන 36 දක්වා අඩුකරලා තියෙනවා. එතකොට මාස තුනකට, කාර්තුවකට රුපියල් මිලියන නමයක් බිස්නස් කරන කෙනා වැට් බද්දට ලියාපදිංචි වෙන්න ඕන. ඒ කියන්නේ මාසෙකට ලක්ෂ තුනක් බිස්නස් කරන කෙනා, දවසකට ලක්ෂයක බිස්නස් කරන කෙනා, ඒ කියන්නේ කැස්බෑව හන්දියේ, පිළියන්දල හන්දියේ, කොටිකාවත්ත හංදියේ, කොලොන්නාව හන්දියේ බිස්නස් කරන මේ ඔක්කොම වැට් බද්දට ලියාපදිංචි වෙලා 18%ක් ගෙවන්න ඕන, දවසට ලක්ෂයක් බිස්නස් කරනවනම්. ඒ කියන්නේ කීයද? සාමාන්‍යයෙන් ව්‍යාපාරයක ලාභය 30% යි. ඒ ලාභයෙනුත් කරන්ට් බිල වතුර බිල සේවකයන්ගේ පඩි නඩි ගෙව්වහම, රුපියල් 5000ක විතර තමයි ලාභයක් එන්නේ.
ඒ කියන්නේ රුපියල් පන්දාහක් වැඩි කිරීම දවස් තිහ = ලක්ෂ එකහමාරක් ආදායම ගන්න කෙනා 18% ක් වැට් බද්ද ගෙවන්න ඕන. එතකොට මේක උපයන විට ආදායම් බද්ද එක්ක සමපාත වෙනවද? උපයන විට ආදායම් බද්ද ගෙවන කෙනා 4% යි ගෙවන්න ඕන. ඒ නිසා සමාජය තුළ අසමතුලිතතාවයන් නිර්මාණය කරවීම, විතරක් නෙමෙයි දවසකට ලක්ෂක බිස්නස් කරලා රුපියල් 5000ක ලාභයක් ගන්න කෙනාට 18% ක වැට් බද්දක් ගැහුවහම ඔහු ඒක ගෙවන්නේ නැහැ. ඒක පාරිභෝගිකයාගෙන් ගන්නේ.
ඒ නිසා හන්දියේ ගොසරියෙන් බඩු ගන්නකොට ලබන අවුරුද්දේ ජනවාරිවල ඉඳලා ඒ ගන්න බඩු වලට 18%ක වැට් එකකුත් එකතු වෙන්න නියමිත බව මතක තියාගන්න. මේවායේ ප්‍රතිඵල ඉදිරියේදී ඔබට තේරේවි.''




