The Leader News
BREAKING
Top Ad
පුවත්

හමුදා ප්‍රහාරයකින් ඝාතනය වුනු සිසුවියන් සමරා වන්නියේ පාරවල් නම් කෙරේ

T

The Leader Desk

November 13, 2025 • 3:56 AM

හමුදා ප්‍රහාරයකින් ඝාතනය වුනු සිසුවියන් සමරා වන්නියේ පාරවල් නම් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) තුනුක්කායි ප්‍රාදේශීය සභා මන්ත්‍රී සත්ගුනනාදන් සුජන්සන් පවසන්නේ දහ අට වසරකට ඉහත දී රජය හමුදා අතින් ඝාතනය වු පාසල් සිසුවියන් හා සෞඛ්‍ය සේවකයන්ට යුක්තිය දිනා ගැනීමේ උත්සාහය කිසිදු අයුරකින් අත් හැරීමට සුදානම් නොමැති බවයි.
  • ඊටත් වඩා, ඝාතනය වුවන්ට යුක්තිය ඉටු කළ යුතුය.
  • සත්ගුනනාදන් සුජන්සන් "අපගේ සිසුන්ට එරෙහිව සිදු කරන ලද මෙම ම්ලේච්ඡ හා කෲර ක්‍රියාව ලොවට ගෙන යාම අපගේ බලාපොරොත්තුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) තුනුක්කායි ප්‍රාදේශීය සභා මන්ත්‍රී සත්ගුනනාදන් සුජන්සන් පවසන්නේ දහ අට වසරකට ඉහත දී රජය හමුදා අතින් ඝාතනය වු පාසල් සිසුවියන් හා සෞඛ්‍ය සේවකයන්ට යුක්තිය දිනා ගැනීමේ උත්සාහය කිසිදු අයුරකින් අත් හැරීමට සුදානම් නොමැති බවයි.

 

සත්ගුනනාදන් සුජන්සන්සත්ගුනනාදන් සුජන්සන්
"අපගේ සිසුන්ට එරෙහිව සිදු කරන ලද මෙම ම්ලේච්ඡ හා කෲර ක්‍රියාව ලොවට ගෙන යාම අපගේ බලාපොරොත්තුවයි. ඊටත් වඩා, ඝාතනය වුවන්ට යුක්තිය ඉටු කළ යුතුය. ඒ සඳහා වන උත්සාහයන් දිගටම ක්‍රියාත්මක වෙනවා. ඔවුන් සඳහා සොහොන් ස්ථාපිත කිරීමට සහ එම සිසුන් සහ සෞඛ්‍ය සේවකයන් ජීවත් වූ ගම්මානවල වීදි ඔවුන්ගේ නමින් නම් කිරීමට ප්‍රාදේශීය සභාවට යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා. මෙම වසරේ පැවැත්වෙන අනුස්මරණයට සියලු දෙනා සහභාගී වී ඝාතනය වුවන්ට යුක්තිය ලබා ගැනීම සදහා  පෙළ ගැසිය යුතුයි."

2007 වසරේ නොවැම්බර් මස 27 වැනිදා ගිලන් රථයකින් ගමන් කරමින් සිටියදී යුද හමුදාවේ දුර දිග මෙහෙයුම් ඒකකය මගින් එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් පාසැල් ශිෂ්‍යාවන් හයදෙනා මරා දමා තිබිණි.

පාසල් නිල ඇඳුමින් සැරසී ගිලන් රථයේ ගමන් ගත් නාගරත්නම් ප්‍රදීපා [16], නාගරත්නම් මදීකරන් [15], නිත්‍යනාදන් නිදර්ශනා[14], කරුණාකරන් කෞෂිකා[15], චන්ද්‍රසේකරන් තිරෝජා[16], අත්පුදරාජා අජිත්නාත් [16] සිසුවියන් හය දෙනාට අමතරව ගිලන් රථයේ ගමන්ගත් සෞඛ්‍ය සේවකයන් වන ෂන්මුගවඩිවේල් සකුන්තලා දේවි [19] සහ මාරිමුත්තු ක්‍රිෂ්ණමේනි [21] මුලතිව් අයියන්කුලම් හිදී හමුදා ක්ලේමෝ ප්‍රහාරයෙන් මියගියවුන් විය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හමුදා ප්‍රහාරයකින් ඝාතනය වුනු සිසුවියන් සමරා වන්නියේ පාරවල් නම් කෙරේ | The Leader