තරගකාරි මිලගණන් කැඳවා තිබේ.
එහි මූලික හැඳින්වීමේ සඳහන් වන්නේ "මුත්‍රා පාට ස්ටිකර්" මුද්‍රණය කොට සැපයීම සඳහා වන ටෙන්ඩර් කැඳවීම යනුවෙනි.
මේවා මුද්‍රණය කොට පෙර පාසල් දරුවන්ට සැපයීමට අපේක්ෂා කරන බවද ටෙන්ඩර් කැඳවුම් පත්‍රිකාවේ සඳහන්.
එහෙත් මෙම ටෙන්ඩරය සඳහා උනන්දු වන පාර්ශවයන්ට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. ඊට හේතුව මුත්‍රා වල වර්ණය කුමක්දැයි නිශ්චිත එකඟතාවක් නොතිබීමයි.
ඇතැම් තැනැත්තන්ගේ මුත්‍රා කහ පෑහැයට හුරුය.
තවත් අයගේ මුත්‍රා ලා පෑහැයට හුරු අවර්ණ ස්වභාවයක් ගනි.
තවත් අයගේ මුත්‍රා තමන්ගේ ශරීර ස්වභාවයන් සහ පවත්නා ලෙඩ රෝග අනුව විවිධ වර්ණ ගනියි.
එම නිසා මෙම ටෙන්ඩරය අනුව සැපයිය යුත්තේ කවර වර්ණයෙන් යුත් ස්ටිකර්ද අපැහැදිලිය.
එබැවින් මේ සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.





