The Leader News
BREAKING
Top Ad
පුවත්

'කැප්පෙටිපොළලා- දොන් ජුවන් ධර්මපාලලා එකතු වෙලා' - ජනපති කියයි

T

The Leader Desk

November 13, 2025 • 4:25 PM

'කැප්පෙටිපොළලා- දොන් ජුවන් ධර්මපාලලා එකතු වෙලා' - ජනපති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'ඉල්මහ විරු සමරුව' අමතමින් අද පැවසීය.
  • දොන් ජුවන් ධර්මපාලලා සහ කැප්පෙටිපොළලා එකට එකතු වී සිටින බවද ජනාධිපතිවරයා කීය.
  • ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු අරගලයේදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරීම සඳහා වන ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.
  • අප ආයෝජකයන්ට කර්මාන්තකරුවන්ට ඒ පාදමේ ආයෝජනය කරන ලෙස ආරාධනා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

'ඉල්මහ විරු සමරුව' අමතමින් අද පැවසීය.

දොන් ජුවන් ධර්මපාලලා සහ කැප්පෙටිපොළලා එකට එකතු වී සිටින බවද ජනාධිපතිවරයා කීය.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු අරගලයේදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරීම සඳහා වන ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් සහ සාමාජිකයන් විසින් මල් කළඹ තබා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු විරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීම සහ විරු පිළිරුව අසල පහන් දල්වා ආචාර පැවැත්වීමද මෙහිදී සිදු කෙරිණි.

විරුවන් වෙනුවෙන් විමුක්ති ගී ගායනයක්ද පැවැත්විණි.

"පාදම දිරපු රටක් අප ශක්තිමත් අත්තිවාරමක් මත යළි ගොඩ නඟා තිබෙනවා. අප ආයෝජකයන්ට කර්මාන්තකරුවන්ට ඒ පාදමේ ආයෝජනය කරන ලෙස ආරාධනා කරනවා.

ඒ වගේම දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් යැයි කියා ගත් අය එකට එකතු වී සිටිනවා. මේ දේශපාලන විපර්යාසය මොකක්ද? මේ සහවාසයට හේතුව කුමක්ද? මොවුන් එකට හොරකමේ ගිය අය. එකට අපරාධ කරපු අය. ජනතා උවමනා සහ ආණ්ඩුවේ උවමනා සමපාත වූ ආණ්ඩුවක් දැන් හැදිලා තියෙනවා. දැන් බේදකින් තොරව දොන් ජුවන්ලගේ වගේම කැප්පෙටිපොළලාගේ උදවිය හිරේ ඉන්නවා. භේදයකින් තොරව හැම නඩුවකදීම ඔක්කොටම එක වගේ ලෙඩ හැදෙනවා.

ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න සඳහා ඔවුන් එකතු වෙලා තියෙනවා. මේවා ජනතාවගේ ප්‍රශ්න නොවේ'' යැයි ජනාධිපතිවරයා පැවසීය.

fty5674

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...