The Leader News
BREAKING
Top Ad
පුවත්

විරුවන් අපේක්ෂා කළ සමාජවාදී සිහිනයට මොකද වුණේ...? - චමීර කොස්වත්ත විමසයි

T

The Leader Desk

November 14, 2025 • 4:34 AM

විරුවන් අපේක්ෂා කළ සමාජවාදී සිහිනයට මොකද වුණේ...? - චමීර කොස්වත්ත විමසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙලෙස විමසුවේ ''ඔබ මියගොස් නැත !
  • සමාජවාදය ජීවමාන අපේක්ෂාවක්!" යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ, නුගේගොඩ දෙල්කඳ පොළ භූමියේ ඊයේ (13) පැවැති 36වන ඉල් මහා විරු සමරුවේ දී අදහස් දක්වමිනි.
  • "අද අපි සමරමින් ඉන්නේ 36 වැනි ඉල් විරු සමරුව.
  • එදා රෝහණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු හැටදහසක් සහෝදර සහෝදරියෝ එදා ජීවමාන කරන්න උත්සහ කළේ සමාජවාදය, ඒ ඓතිහාසික උරුමයට නෑ කම් කියන පක්ෂය තමයි අද රටේ පාලන බලය හොබවන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙලෙස විමසුවේ ''ඔබ මියගොස් නැත ! සමාජවාදය ජීවමාන අපේක්ෂාවක්!" යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ, නුගේගොඩ දෙල්කඳ පොළ භූමියේ ඊයේ (13) පැවැති 36වන ඉල් මහා විරු සමරුවේ දී අදහස් දක්වමිනි.

එම සමරුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ චමීර කොස්වත්ත...

"අද අපි සමරමින් ඉන්නේ 36 වැනි ඉල් විරු සමරුව. පෙර පැවති සැමරුම්වලට වඩා අද ඉල් සමරුව විශේෂයි. එදා රෝහණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු හැටදහසක් සහෝදර සහෝදරියෝ එදා ජීවමාන කරන්න උත්සහ කළේ සමාජවාදය, ඒ ඓතිහාසික උරුමයට නෑ කම් කියන පක්ෂය තමයි අද රටේ පාලන බලය හොබවන්නේ.

නමුත් එදා ඔවුන් අපේක්ෂා කළ සමාජවාදය සම්බන්ධ සිහිනයට මොකද වුණේ? ඒ සිහිනය දකින්න බලාගෙන හිටපු මිනිස්සුන්ට අද මොකද වෙලා වෙලා තියෙන්නේ කියන සාකාච්ඡාව අද අපිට බරපතළව ගන්න වෙලා තියනවා.

හැට දහසක් සිය ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ අරමුණ

එදා කොමියුනිස්ට් ප්‍රකාශනය කියන ඓතිහාසික ලියවිල්ල අවසන් කරමින් මාක්ස් සහ එංගල්ස් සහෝදරවරු මෙහම ලිව්වා.

"ස්වකීය අදහස් හා අරමුණු සැඟවීම කොමියුනිස්ට් වාදීහූ පිළිකුල් කරති. දැනට පවතින සමාජ තත්ත්වයන් ප්‍රචණ්ඩකාරී ලෙස බිඳ හෙලීමෙන් පමණක් සිය අරමුණු සපුරාලිය හැකි බව ඔවූහු ප්‍රසිද්ධියේම පවසති."

එදා අපේ සහෝදරවරු බය නැතුව පෙනී හිටියේ එක අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණ තමයි සමාජවාදය. එදා තිබුණේ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස වගේ ධනපති පංතියේ නායකයින්ගේ අතිශයින් ම්ලෙච්ඡ මර්ධනකාරී නවලිබරල් ආණ්ඩු සමස්ත වැඩකරන පංතිය ම අර්බුදයකට ගමන් කරවමින් පැවති වෙලාවක්. නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය කප්පාදු කර,  ඒවා වෙළඳපොළට විවෘත කරන්න දැවැන්ත උත්සහයක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. කම්කරු අයිතීන් කප්පාදු කරමින් වැඩ කරන ජනතාවගේ හිසමත දැවැන්ත බදු බරක් පටවමින් තිබුණා.

එහෙම තත්ත්වයක් ඇතුළෙ තමයි එදා ජනතාව තීරණය කළේ සටන් කිරීම හැර විකල්පයක් නැහැ කියලා. ඒ සටනේ ඇතැම් ක්‍රියාමාර්ග ගැන, ඇතැම් ආකෘති ගැන යම් යම් ස්වයං විවේචන අපට තියනවා. හැබැයි එදා ඒ හැට දහසක් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු අරමුණ ගැන අදටත් අපිට කිසිඳු දෙගිඩියාවක් නැහැ. අදටත් ඒ අරමුණ එක්ක හිටගන්න අපි සූදානම් වෙලා ඉන්නවා.

වෘත්තීය සමිති සාකාච්ඡාවලට එන්නත් වත්මන් ආණ්ඩුව බයයි

දැන් බලයේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවක්. සමහරු උත්සහ කරනවා මේක වාමාංශික ආණ්ඩුවක් කියලා කියන්න. නමුත් ඇත්තටම මේ ආණ්ඩුව ආර්ථික දේශපාලන කාරණාවල දි හිටගන්නේ පීඩිත ජනතාවගේ පැත්තේ ද?  මේ රටේ ජනතාව සූරාකමින් ප්‍රාග්ධනය ගොඩගහ ගන්න ධනපති ව්‍යාපාරිකයෝ ටික වාණිජ මණ්ඩලය විදිහට මේ පාර ආණ්ඩුවට අයවැය සඳහා ලබා දුන් සියලු යෝජනා ආණ්ඩුව පිළි අරගෙන. හැබැයි ඒ ආණ්ඩුවම අර හේලීස් පෞද්ගලික ආයතනයේ වැඩකරන සේවකයන්ව බලහත්කාරයෙන් එළියට දාපු ප්‍රශ්නයට කටක් අරින්නේ නෑ. ඒ සේවකයන්ගේ වෘත්තීය සමිතියට සාකච්ඡාවක් දෙන්න පවා ආණ්ඩුවට කොන්දක් නැහැ.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටු මුරකරුවන්ගේ වෘත්තීය සමිතියක් හැදුවේ මේ ආණ්ඩුවම තමයි. හැබැයි ඒ වෘත්තීය සමිතිය සාකච්ඡාවක් ඉල්ලුවම අද ආණ්ඩුව පස්ස ගහනවා. අද වෘත්තීය සමිති සාකාච්ඡා වලට එන්නටවත් ආණ්ඩුව බය වෙලා. හැබැයි වාණිජ මණ්ඩලය කියන කියන දේවල් වැඳගෙන කරමින් ඉන්නවා.
අපි අහනවා එදා රෝහණ සහෝදරයා සටන් වැදුණේ මෙවැනි සමාජ ක්‍රමයක් වෙනුවෙන් ද කියලා?

මේ පාර අයවැයෙන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කිසිඳු මැදිහත් වීමක් නැහැ. ලබන අවුරුද්දේ ඉඳලා එක පවුලක් මාසිකව රුපියල් 40,000ක් රජයට බදු ගෙවන්න ඕන. තමන් ගන්න හාල් ටිකේ, පරිප්පු ටිකේ ඉඳලා ගෙවන්න තියෙන්නේ බදු. හැබැයි ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ අපි ආවම අධ්‍යාපනයට, සෞඛ්‍යයට, අත්‍යාවශ්‍ය ආහාරවලට බදු අයකරන්නේ නෑ කියලා. හැබැයි අඩුතරමින් එක රුපියලකින් බදු බර අඩු කරන්නවත් ආණ්ඩුව කටයුතු කරලා නැහෑ. හැබැයි ධනපති ව්‍යාපාරිකයන්ගේ බැඳුම්කරවලට 33%ක අති දැවැන්ත පොලියක් ගෙවනවා. මේ පොලී ගෙවන්නෙත් සාමාන්‍ය ජනතාව දුක්මහන්සියෙන් හම්බකරලා රජයට ගෙවන බදු සල්ලිවලින්.

ජවිපෙ, ඉල් විරුවන් සමරනවා කියමින් "ස" මකලා        

මේ නිසා තමයි අපි කියන්නේ අද ජනතා විමුක්ති පෙරමුණ දකින රෝහණ විජේවීර සහ අපි දකින රෝහණ විජේවීර කියන්නෙ දෙන්නෙක්. ඒක නිසා තමයි අපි අර විහාරමහදේවී පාර්ක් එකෙන් ඈතට ඇවිත් මේ නුගේගොඩ දෙල්කඳ මංසන්ධියේ සැබෑ සමාජවාදී උරුමය රැගත් රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ඉල් විරුවන් සමරන්න තීරණය කළේ. සමරනවා කියලා "ස" මකලා මරන්නත් පුළුවන්. අද ජවිපෙ කරන්නේ ඒක.

මොකද ඇත්තට ම ඉල් විරුවන් සමරන්න ඕන නම් ආණ්ඩුවට පුළුවන් ඒ විරුවන්ගේ ඝාතකයින්ට දඬුවම් දෙන්න. ඒ ඝාතන අනාවරණය කරන්න. අඩුමතරමින් ඔවුන්ගේ මරණවලට සාධාරණයක් කරන්න ඔවුන් එදා දැකපු සිහිනය යථාර්ථයක් කරන්න. ඒ එකක්වත් නැතුව අද බටලන්දෙ ඝාතකයිගේ නවලිබරල් වැඩපිළිවෙළ කරේ තියාගෙන යන ගමන් අනුර දිසානායකලා, ටිල්වින් සිල්වලා ඉල් විරුවන් සමරනවලු. මේකට කියන්නේ සමරනවා නෙමෙයි. මේ කරන්නේ ඒ සමාජවාදී අරමුණ මරන්න උත්සහ කරන එක.

පීඩිත ජනතාව අකුණු වගේ නැගී සිටින මොහොතක් එනවා

හැබැයි අපි අද ඔවුන්ට කියන්න ඕන කොච්චර වළදාන්න උත්සහ කළත් සමාජවාදය කියන්නේ ජීවමාන අපේක්ෂාවක්. ඒ අපේක්ෂා මරාදාන්න උඹලට හැකියාවක් නැහැ. බර්ට්‍රෝල් බෙච්ට්ගේ කවියක මෙහෙම තියනවා.

"අකුණු ගැසීම ඉතාම හොඳයි. ඒ අකුණු ගසන මොහොතේ දී අකුණු සැරවල ආලෝකයෙන් ගැඹුරු සහ දරුණු සත්‍ය‍යන් නිරාවරණය වෙන බැවිනි."

ඒ නිසා අඳුරෙන් වහගෙන ඒ අපේක්ෂාව යට ගහන්න මේ පාලකයෝ හැම උත්සහයක්ම ගනී. හැබැයි පීඩිත ජනතාව අකුණු වගේ නැගී සිටින මොහොතක් එනවා. ඒ මොහොතේදී ගැඹුරු සත්‍යයන් නිරාවරණය වෙන එක වළක්වන්න කිසිවෙකුටත් පුළුවන් කමක් නැහැ. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ඒ සැබෑ සමාජවාදී අරමුණ වෙනුවෙන් සටන් කරන්න සූදානම්. ඒ සඳහා එකතුවෙමු කියලා සමස්ත වැඩකරන ජනතාවට ආරාධනා කරනවා."

(සටහන - ජයසිරි අලවත්ත)

 
 
delkada
samaruwa 4

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විරුවන් අපේක්ෂා කළ සමාජවාදී සිහිනයට මොකද වුණේ...? - චමීර කොස්වත්ත විමසයි | The Leader