The Leader News
BREAKING
Top Ad
පුවත්

බන්ධනාගාරය තුළදීම ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ උත්සාහයක් !

T

The Leader Desk

November 14, 2025 • 4:48 PM

 බන්ධනාගාරය තුළදීම ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ උත්සාහයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.
  • එහිදී එක් රැඳවියෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
  • එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, පසුගියදා දෙවුන්දර විෂ්ණු දේවාලය අසලදී ඝාතනය වූ තරුණයන් දෙදෙනාගෙන් යොමේෂ් නැමැත්තාගේ සහෝදරයා බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේය.
  • එම තරුණයන් දෙදෙනා ඝාතනය කිරීම, අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තා මෙහෙයවා තිබූ අතර මෙම ඝාතන තැත ද ඔහු මෙහෙයවා ඇතැයි විමර්ශන නිලධාරීන් සැක පළ කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

දෙවුන්දර විෂ්ණු දේවාලය අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු තරුණයෙකුගේ සොහොයුරෙකු අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුළදී රැඳවියන් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සිදුවීමක් වාර්තා විය.

එහිදී එක් රැඳවියෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, පසුගියදා දෙවුන්දර විෂ්ණු දේවාලය අසලදී ඝාතනය වූ තරුණයන් දෙදෙනාගෙන් යොමේෂ් නැමැත්තාගේ සහෝදරයා බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේය.

එම තරුණයන් දෙදෙනා ඝාතනය කිරීම, අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තා මෙහෙයවා තිබූ අතර මෙම ඝාතන තැත ද ඔහු මෙහෙයවා ඇතැයි විමර්ශන නිලධාරීන් සැක පළ කරයි.

බන්ධනාගාරය තුළදී ආහාර ලබාදෙන ඇලුමිනියම් පිඟානකින් සැකසූ තියුණු ආයුධයකින් එම රැඳවියන් පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ.

මේ වන විට එම රැඳවියන් දෙදෙනා වෙනම සිරකූඩුවකට දමා විමර්ශන සිදුකරන බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේය.

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...