The Leader News
BREAKING
Top Ad
පුවත්

ඊශ්‍රායෙලයේදී ඝාතනය වූ ලාංකිකයාගේ තොරතුරු හෙළිවෙයි

T

The Leader Desk

November 14, 2025 • 5:09 PM

ඊශ්‍රායෙලයේදී ඝාතනය වූ ලාංකිකයාගේ තොරතුරු හෙළිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බව ඔහුගේ මිතුරන් විසින් හදුනා ඇති බව ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
  • ඔහු ගාල්ල කොන්ඩගල, බටපොළ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙකි.
  • සප්ත්ම්බර් මස ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවා සඳහා පැමිණි ඔහු වඩු කාර්මිකයෙකු ලෙස සේවය කරමින් තිබේ.
  • මේ සිද්ධිය පිළිබඳව ශාක්ෂි සම්පිණ්ඩනය හා පර්යේෂණ මෙහෙයවන පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා හා අනෙකුත් නිලධාරීන් දෙදෙනා හමුවීමට අද උදේ 09.00 තමන් හා තානාපති කාර්යාලයේ සේවය කරන ලින්ඩා මහත්මියත් ටෙල්අවිව් දිස්ත්‍රික්කයේ ඇති සලාමේ පොලිස් ස්ථානයට ගිය බවද තානාපතිවරයා පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බව ඔහුගේ මිතුරන් විසින් හදුනා ඇති බව ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඔහු ගාල්ල කොන්ඩගල, බටපොළ පදිංචි 38 හැවිරිදි  දෙදරු පියෙකි.

2025 සප්ත්ම්බර් මස ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවා සඳහා පැමිණි ඔහු වඩු කාර්මිකයෙකු ලෙස සේවය කරමින් තිබේ.

මේ සිද්ධිය පිළිබඳව ශාක්ෂි සම්පිණ්ඩනය හා පර්යේෂණ මෙහෙයවන පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා හා අනෙකුත් නිලධාරීන් දෙදෙනා හමුවීමට අද උදේ 09.00 තමන් හා තානාපති කාර්යාලයේ සේවය කරන ලින්ඩා මහත්මියත් ටෙල්අවිව් දිස්ත්‍රික්කයේ ඇති සලාමේ පොලිස් ස්ථානයට ගිය බවද තානාපතිවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් තානාපතිවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් නිකුත් කළ නිවේදනය මතු පළවේ.

''මියගිය තරිඳු ශානක සමඟ  එකට සේවය කරන හා ඒ සිද්ධිය වන අවස්ථාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද  ප්‍රශ්න කිරීම සඳහා එම පොලිස් ස්ථානයට  රැගෙනවිත් තිබුණි.

ඔවුන්ගේ තොරතුරු අනුව එම නවාතැනේ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු පදිංචිව සිටිති.  එන දෙදෙනෙකු එනම් මරණයට පත්වූ  පුද්ගලයා හා ප්‍රශ්න කිරීමට රැගෙන පැමිණි පුද්ගලයෙකු එම නවාතැන ආසන්නයේ ඇති උද්‍යානයේ රාත්‍රී 11.00 පමණ මත්පැන් පානය කොට තිබේ.  

අනතුරුව තරිඳු ශානක මුත්‍රා කිරීම සඳහා අදාල උද්‍යානයේ කොනකට ගමන් කළ  පසු තවත් කෙනෙකු හා ගැටුමක් ඇති කරගත් හඬ ඇසුණු නිසා තමන් කාමරයට පැමිණ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් කැඳවාගෙන පැමිණෙන විට තරිඳු ශානක ගෙල කපා මරා දමා සිටින අයුරු දුටු බව සදහන් කරයි.

මරණයට සැකකරන පුද්ගලයා ද පොලිස් අත් අඩංගුවට රැගෙන ඇති අතර පර්යේෂණ අවසන් වන තුරු ඔහුගේ අනන්‍යතාවය හෙළි නොකරනු ඇත.

ඔහුගේ දේහය දැනට වෝහාරික වෛද්‍ය පරිෂණය සඳහා යොමු කොට තිබේ.

ඔහුගේ බිරිදගේ ලිඛිත අවසරය ලද පසු දේහය පිළිබඳව අවසන් මරණ පරීක්ෂණය සිදු කරනු ඇත.

අදාල මරණ පරීක්ෂණයෙන් පසු දේහය අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු කෙරේ.

තරිඳු ශානක මහතාගේ අවාසනාවන්ත මරණය පිළිබඳව ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ හා මෙහි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාතිශය සංවේගය ඔහුගේ බිරිද, දරු දෙදෙනා හා පවුලේ  සාමාජිකයන් වෙත දන්වා සිටිමු.''

| ada.lk
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...