The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලීසියේ ඉහළ තනතුරු කිහිපයක වෙනසක් - ලලිත් පතිනායකට විනය ක්‍රියාමාර්ග

T

The Leader Desk

November 15, 2025 • 3:21 PM

පොලීසියේ ඉහළ තනතුරු කිහිපයක වෙනසක් - ලලිත් පතිනායකට විනය ක්‍රියාමාර්ග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, F ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පරිපාලන තනතුර දක්වාත්, F ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී.
  • ධනපාල උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබේ.
  • F නියෝජ්‍ය පොලිස්පති එන්.එල් සී සම්පත් කුමාර විශේෂ කාර්ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද පත් කර තිබේ.
  • ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිදුකර තිබේ.

ඒ අනුව,

F ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පරිපාලන තනතුර දක්වාත්,

F ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු තනතුරේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්,

F ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහාත් මාරු කර යවා තිබේ.

මීට අමතරව

F ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබේ.

F ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජී.එම්.එච්.බී සිරිවර්ධන පොලිස් මූලස්ථානය සහ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කිරිමේ සිට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථාන මාරු කිරීම් සිදුකර ඇත.

F නියෝජ්‍ය පොලිස්පති එන්.එල් සී සම්පත් කුමාර විශේෂ කාර්ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට විනය ක්‍රියාමාර්ග

මේ අතර පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ලලිත් පතිනායක තවදුරටත් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කරනු ඇත.

අදාළ ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය සඳහා බස්නාහිර පළාත්  භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස් සංචාරයක නිරතව සිටීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මේ වන විට වැඩ බලන පොලිස්පති ධූරයේද කටයුතු කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...