The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉල් මහ විරු සමරුවේ දී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ගැන එජාපයෙන් නිවේදනයක්

T

The Leader Desk

November 15, 2025 • 3:39 PM

 ඉල් මහ විරු සමරුවේ දී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ගැන එජාපයෙන් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුවේ පළමු ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ වගන්ති අනුව බවත්, ඊට ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා ජනමත විචාරනයක් ද ඇතුළත් කරනු ලැබ ඇතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
  • එම පක්ෂය මෙලෙස සඳහන් කරන්නේ 36වන ඉල් මහ විරුසමරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ“අපේ ඔළුවට ඔටුන්නක් වැටුණේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යන ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
  • එමෙන් ම ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය “36 වැනි ඉල් මහ විරු සමරුව අමතමින් අනුර කුමාර දිසානායක සහෝදරයා සිදුකළ කතාව” මැයෙන් නිකුත් කළ නිල නිවේදනයට ඇතුළත් කර නොතිබුණු බව ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන අතර එය හිතාමතාම කළ දෙයක් යැයි ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
  • එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය “අපේ ඔළුවට ඔටුන්නක් වැටුනේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල් මහ විරු සමරුවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙරට දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුවේ පළමු ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ වගන්ති අනුව බවත්, ඊට ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා ජනමත විචාරනයක් ද ඇතුළත් කරනු ලැබ ඇතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂය මෙලෙස සඳහන් කරන්නේ 36වන ඉල් මහ විරුසමරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ“අපේ ඔළුවට ඔටුන්නක් වැටුණේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යන ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

එමෙන් ම ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය “36 වැනි ඉල් මහ විරු සමරුව අමතමින් අනුර කුමාර දිසානායක සහෝදරයා සිදුකළ කතාව” මැයෙන් නිකුත් කළ නිල නිවේදනයට ඇතුළත් කර නොතිබුණු බව ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන අතර එය හිතාමතාම කළ දෙයක් යැයි ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මතු පළ වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය යි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය

“අපේ ඔළුවට ඔටුන්නක් වැටුනේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල් මහ විරු සමරුවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය. මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කරනු ලැබුවේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කරනු ලැබූ “ඔටුනු පැළැඳි” පාලනය යළි ස්ථාපිත කිරීම පිළිබඳවද?

ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශය “36 වැනි ඉල් මහ විරු සමරුව අමතමින් අනුර කුමාර දිසානායක සහෝදරයා සිදුකළ කතාව” මැයෙන් නිකුත් කළ නිල නිවේදනයට ඇතුළත් කර නොතිබිණ. එය හිතාමතාම කරන ලද්දකි.

අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දී ඇත්තේ මෙරට ජනතාවත්, ජනතාවගේ පරමාධිපත්‍යයත් ආරක්ෂා කරන බවටය. මෙරට දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුවේ පළමු ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ වගන්ති අනුවය. ඊට ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා ජනමත විචාරනයක්ද ඇතුළත් කරනු ලැබිණ.

ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ ඩොමේනියන් රාජ්‍යයක් ලෙසය. එනම් එංගලන්තයේ 6 වැනි ජෝර්ජ් රජතුමා ලංකාවේ 6 වැනි ජෝර්ජ් රජු හැටියට පාර්ලිමේන්තු නීතියක් මගින් පත්කර ගනු ලැබීය. එතුමාගේ අභාවයෙන් පසුව 1953 රාජකීය තනතුරු පනත (රෝයල් ටයිට්ල්ස් ඇක්ට්) හී දෙවැනි වගන්තිය යටතේ දෙවැනි එලිසබෙත් රැජිණිය එකී තනතුරට පත් කර ගත්තාය.

එදා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් 1972 දී ජනරජය පිහිටුවා ගත්තේය. ජනරජ ව්‍යවස්ථාවේ පෙරවදනෙහි එය ජනතා පරමාධිපත්‍යයෙන් ඇතිවූවක් ලෙස පැහැදිලිවම සඳහන් කරයි.

එහි 12 වැනි වගන්තිය මගින් එලිසබෙත් රැජිණගේ “රැජිණ” තනතුර ඉවත් කරන ලදි. ඉන් පසුව ජනරජය ඇති කෙරිණි.

ඉල් මහ විරු සැමරුම් කතාව මගින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යෝජනා කරන්නේ මෙරට බහු පක්ෂ ක්‍රමය අහෝසි කර තනි පක්ෂ පාලනයකට ගොස් ජනරජ ව්‍යවස්ථාව ඉවත් කිරීමටද? නැවත “ඔටුන්න” ගෙනවිත් එය පළඳවා ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේද? මෙසේ ක්‍රියාකරන්නේ වැඩි ඡන්ද ප්‍රමාණය හිමිවුවත් බහුතර ඡන්දයවත් නොලැබුණු පාලකයෙකු බව අමතක කළ නොහැකිය.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය වළ දමා තනි පක්ෂ පාලනයක් කරා ගමන් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය පැරදවීමට සියලු බලවේග ඒකරාශී විය යුතුය.

2025 නොවැම්බර් 14

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...