The Leader News
BREAKING
Top Ad
පුවත්

ඩොලර් ඉපයීමේ දක්ෂතාවක් වර්තමාන ආණ්ඩුවට නැහැ - එස්.එම්. මරික්කාර්

T

The Leader Desk

November 17, 2025 • 4:08 PM

ඩොලර් ඉපයීමේ දක්ෂතාවක් වර්තමාන ආණ්ඩුවට නැහැ - එස්.එම්. මරික්කාර්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.
  • ඔහු මෙම අදහස් පළ කළේ අද (17) පාර්ලිමේන්තුවේ කළ කතාවේ දී ය.
  • ආනයන අපනයන පරතරය ඩොලර් මිලියන 600 ට වැඩියි දැන් අපේ රටට ඩොලර් ආදායම වැදගත් මොහොතක්.
  • දැන් විදේශ ණය ගෙවන්නෙ 2028 කියලා කතාවක් හදලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (17) පාර්ලිමේන්තුවේ කළ කතාවේ දී ය.

එම අවස්ථාවේ දි වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...

ආනයන අපනයන පරතරය ඩොලර් මිලියන 600 ට වැඩියි

දැන් අපේ රටට ඩොලර් ආදායම වැදගත් මොහොතක්. මොකද රුපියල්වලින් භාණ්ඩාගාරයේ උතුරන්න පුරවලා කියලා කිව්වට විදේශ ණය ගෙවන්න බෑ රුපියල් වලින්. ඩොලර්වලින් ගෙවන්න ඕනෙ. දැන්  විදේශ ණය ගෙවන්නෙ 2028 කියලා කතාවක් හදලා තියෙනවා. ඒක පට්ටපල් බොරුවක්. 2028 ගෙවන්න තියෙන්නෙ  ජාත්‍යන්තර ස්වයිරීය බැඳුම්කරවලින් අරන් තියෙන ඩොලර් බිලියන 14.5 ක ණය මුදල විතරයි. එතකං ලෝක බැංකුවෙන්, ආසියානු  සංවර්ධන බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ තැන්වලින් ගත්තු ණය ගෙවන්න තියෙනවා. මොකද දැනටමත් ඇමරිකාවෙන් ගහපු බද්ද වැටුණායින් පස්සේ ආනයන අපනයන පරතරය ඩොලර් මිලියන 600 ට වැඩි වෙලා තියෙනවා.

සංචිතය තියෙන්නෙත් ඩොලර් බිලියන 6.2 යි. සර්ව් කරන්න තියෙන විදේශ ණය ලබන අවුරුද්දෙත් අපි ගෙවන්න ඕන.

කටුනායක ගුවන් තොටුපොළෙහි තත්ත්වය

ගිය අවුරුද්දේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා සහ මේ අවුරුද්දේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සංචාරක කර්මාන්තය අරං බලපුවහම number of tourists යම් ප්‍රමාණයකට වැඩි වුණාට, ආදායම වැඩිවෙලා තියෙන්නේ ඩොලර්  මිලියන 100 යි. ඒ වගේම තමයි විදේශ ශ්‍රමිකයින්ගෙන් එන ප්‍රේෂණ ප්‍රමාණය. ඩොලර්  මිලියන 100-200 අතර ගානකින් තමයි වැඩිවෙලා තියෙන්නේ. මේ මොහොත තියෙන්නේ රට ස්ථාවර වෙන්න නම්, ණය ගෙවමින් ස්ථාවර වෙන්න නම්, ආනයන අපනයන පරතරය අඩු කරගන්නත්, අනිවාර්යයෙන් ම ඩොලර් ඕන.

දැන් ඔය ආණ්ඩුවට විදේශ රටවල්වලට කීප පාරක්ම ගියාට, විදේශ ආයෝජන ගේන්න පුළුවන් වෙලා නැහැ. විදේශ ආයෝජන ගෙනල්ලා, නිෂ්පාදන වැඩි කරලා, නිෂ්පාදන ප්‍රති අපනයනය කරලා ඩොලර් හෙවීමේ දක්ෂතාවයක් වර්තමාන ආණ්ඩුවට නැහැ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සේ සාම්ප්‍රදායිකව රටට එන  ආදායමක් තමයි සංචාරක කර්මාන්තය සහ විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ . ඉතාම දක්ෂයෝ පිරිසක් ඉන්න ආණ්ඩුවක් ආවා කියලා කිව්වා. අවුරුද්දකුත් ගතවුණා, අඩුම තරමේ නිර්මාණාත්මක දේවල් කීපයක්වත් introduce  කරලා දෙන්න.


අපි දන්නවා පහුගිය ආණ්ඩුව කාලෙ සිද්ධ වෙච්ච අවුලක් නිසා තමයි කටුනායක ගුවන්තොටුපොළ දෙවෙනි අදියර ක්‍රියාත්මක වෙන්න බැරි උණා; ඒක ඇත්ත; ඒ අයට දඬුවම් දෙන්න. හැබැයි දැන් සංචාරකයින් ආකර්ෂණය කරගන්න විශාල ප්‍රශ්නයක් මේ ගුවන් තොටුපළේ ඉඩ මදි හින්දා.


යල්පැන ගිය අදහස්වලින් ඔබ්බට යන්න

අද කණගාටුයි අපේ රටේ තත්ත්වය ගැන. අද පෞද්ගලික අංශය එකතුවෙලා markings 12ක් ගහල තමයි, සංචාරකයන්ව ගෙන්න ගන්න වෙලා තියෙන්නේ. පහුගිය දවස්වල අපි මේක ආංශික අධීක්ෂණ කාරක සභාවෙත් කතා කළා, යෝජනාවක් විදිහට budjuted touristට මේ කටුනායක ගුවන්තොටුපොළේ දෙවන අදියර ඉවර වෙනකන් අඩුම ගානේ, රත්මලාන ගුවන් තොටුපළ විවෘත කරන්න.

යුද්ධ කාලෙ තිබිච්ච නියෝගයක් අනුව මේ පාර්ලිමේන්තුවට උඩින් ගුවන් යානා යන්න බැහැ කියන නියෝගය අනුව තමයි රත්මලානට ප්ලේන් බාන්න බැහැ කියලා තියෙන්නේ. ලන්ඩන් සිටි එයාපෝට් එකේ දිගටත් වඩා වැඩි රත්මලාන ගුවන් තොටුපළේ runaway එක. පෙන්ත ගණයටත් උඩින් ගුවන්යානා යන්න පුළුවන් නම් ලංකාවේ පාර්ලිමේන්තුවට උඩින් යන්න බැරි මොකෝ. ඒක අහපුවහම කියනවා යුද හමුදා මූලස්ථානය තියෙනවා. ඒ නිසා ගෙනියන්න බැහැ කියලා.

 යල්පැන ගිය අදහස්වලින් ඔබ්බට ගිහිල්ලා රටේ අද තියෙන තත්ත්වය අවශ්‍යතාවය තේරුම් අරගෙන , ණය ගෙවීමට ඩොලර් ආදායම වැඩි කිරීම සඳහා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ටික දියුණු කිරීමට, සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්න.

නිධානයක් උඩ වාඩිවෙලා හිඟා කන අපි

ඒ වගේම තමයි පරාට කාලා ප්ලේන්ටි ගහන සංචාරකයෝ ඇවිල්ල වැඩකුත් නැහැ. දැන් ආරුගම්බේ ඊශ්‍රායලයට සින්නක්කර ලියලා දීලා වගේ. අර පලස්තීනෙට එරෙහිව උද්ඝෝෂණ කරපු කට්ටිය, ඒ වෙනුවෙන් පෙනී හිටපු කට්ටිය ආණ්ඩුව ආවට පස්සේ කතාවක්වත් නැහැ. ඒ දෙබිඩි කතාව පැත්තකින් තියමුකෝ. අඩු තරමේ per tourist spend එක වැඩි කරන්න අවශ්‍ය කටයුතු ඉටු කරන්න කියලා මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා. අපි නිධානයක් උඩ වාඩිවෙලා ඉඳගෙන හිඟා කනවා කියලා කිය කිය ඉඳල හරියන්නෙ නෑ. කොළඹ නගරයේ 5 ස්ටාර් හෝටලයකට ගිහිල්ල බලන්න, එක brochure එකක් නෑ. කොළඹට එන සුද්දා දන්නේ නැහැ දෙහිවල සත්‍යෝද්‍යානයක් තියෙනවා කියලා. සමහර සුද්දෝ ගෝල්පේස් එක ගාව ඉනට අත තියාගෙන අහස දිහා බලාගෙන ඉන්නවා. මොකෝ කඩල ගොට්ටක් කාලා ඉන්නද ඒගොල්ලෝ?

Tourism promotion bureau එකෙන් හිතාගෙන ඉන්නේ london travel mart එකට යන එක, german travel mart එකට යන එක, රට යන එක විතරයි මේ ප්‍රමෝෂන් කියලා හිතන් ඉන්නේ. හැබැයි insight promotion  එක කෙරෙන්නේ නැති බව තේරුම් අරගෙන ඒකට අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම තියෙනවා. අපේ රටේ ජාතික වනෝද්‍යාන 17ක් තියෙනවා. මේවායේ පරණ බංගලා බර ගාණක් තියෙනවා. රුපියල් 25000යි නයිට් දෙකකට. තර්කයක් ගේනවා රටේ සාමාන්‍ය මිනිසුන්ටත් ගෙවලා ගිහින් ඉන්න පුළුවන් ගානට ඒවා තියෙන්න ඕනලු. කොටසක් තියන්න ඒ විදිහට. කොටසක් අලුත් වැඩියා කරලා high spenders ටාගට් කරලා develop  කරන්න. Renovate කරලා, website එකේ දාලා, booking.com එකේ දාන්න , පහුවදා ඉඳලා ආදායම තමයි.

මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දුන්නොත් මහජන ආරක්ෂාව නැතිවෙයි ද...?

දැන් මේ ආණ්ඩුව තමයි කියනව නෙ සර්ව සාධාරණ ආණ්ඩුව . අපේ වටගල ඇමතිතුමා කිව්වා ඒත් ගොල්ලෝ තරම් සාධාරණ නැහැ කවුරුත් කියලා. මේ ආණ්ඩුව ආවායින් පස්සේ නීතියේ ආධිපත්‍යය රකිනවා කියපු ආණ්ඩුව, වෙඩි තැබීම් එකසිය ගානක් වෙලා තියෙනවා, එයින් පනස් ගාණක් මැරිලා තියෙනවා, ඒත් මහජන ආරක්ෂාව තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අයින් කරලා තියෙනවා.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දුන්නොත් මහජන ආරක්ෂාව නැතිවෙයිලු. එහෙම කියන මහජන ආරක්ෂක ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවට එන්නෙත් STF එක uniform නැතුව බැකප් එකක් දාගෙන, KF 5289 , මේ ගිය බ්‍රහස්පතින්දා සවස 02.39ට එතුමා පාර්ලිමේන්තුවෙන් එළියට යනකොට බැකප් එක ඇවිල්ලා අරගෙන යනවා. මෙන්න ෆොටෝ එක. එයාට STF එක අරගෙන යන්න හොඳයි. මහජන ආරක්‍ෂාව රටේ තියෙනවා නම් පොලිස් ඇමතිටත් ආරක්ෂාව ඕන නෑනෙ. මේව හොරා පොලිස් වැඩ.

දැන් ඔබතුමන්ලා කටින් වැඩ කරන්න හරි දක්ෂයි. මහ පොළොවේ කෙසේ වෙතත් ප්‍රායෝගික කෙසේ වෙතත් කටින් වැඩ කරන්න දක්ෂයි. දැන් ඔබතුමන්ලා මත්ද්‍රව්‍ය අල්ලනවා කියලා සංදර්ශනයක් දානවානේ. හැබැයි ඒ මත්ද්‍රව්‍ය පුච්චනවා පෙන්නන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ට සැකයක් තියෙනවා මේවා දුඹුරු සීනි ද පාන් පිටි ද කියලා. ඔය අල්ලන ඇල්ලිල්ලේ හැටියට ඉන්න එපායැ, බඩු හිඟ වෙලා, ගහන්න බැරුව සික්  ගහපු එවුන් ඉන්න එපායැ. එහෙම අය කිසි තැනක දකින්න නැහැනෙ. ඒ නිසා සංදර්ශන මාෆියාව නවත්වලා වැඩේ හරියට කරන්න කියන ඉල්ලීම කරනවා.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...