The Leader News
BREAKING
Top Ad
පුවත්

ගුණරත්න වන්නිනායක සමථ වෙන්න බැහැ කියයි: කොස්තාපල්වරයා සහ නීතිඥවරයා ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු

T

The Leader Desk

November 17, 2025 • 4:14 PM

ගුණරත්න වන්නිනායක සමථ වෙන්න බැහැ කියයි: කොස්තාපල්වරයා සහ නීතිඥවරයා ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය සේවාදායකයාට සමථ විය නොහැකි බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (නොවැ: 17) අධිකරණය හමුවේ කියා සිටියහ.
  • සාක්ෂි සම්පිණ්ඩන වාර්තා හයක් සමග වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ගල්කිස්ස පොලිසිය පවසා සිටියේ, පසුගිය නොවැම්බර් 8 වන දින සමථ මූල මණ්ඩලය වෙත දෙපාර්ශවය ම කැඳවා තිබුණ ද පොලිස් කොස්තාපල්වරයා පමණක් සමථ මූල මණ්ඩලයට පැමිණි අතර, නීතිඥ ගුණරත්න වන්නිනායක නොපැමිණි බව ය.
  • ගුණරත්න වන්නිනායකගේ නීතිඥයා අධිකරණය හමුවේ කළ ප්‍රකාශය එහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මෙසේ පැවසී ය.
  • "මැතිනියනි, සිද්ධිය වූ අවස්ථාවේදී එය පටිගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී පට සමග සිද්ධිය පටිගත කරන ලද කොස්තාපල්වරයාට අයත් ජංගම දුරකතනය ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ යුතු යි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය සේවාදායකයාට සමථ විය නොහැකි බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (නොවැ: 17) අධිකරණය හමුවේ කියා සිටියහ.

සාක්ෂි සම්පිණ්ඩන වාර්තා හයක් සමග වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ගල්කිස්ස පොලිසිය පවසා සිටියේ, පසුගිය නොවැම්බර් 8 වන දින සමථ මූල මණ්ඩලය වෙත දෙපාර්ශවය ම කැඳවා තිබුණ ද පොලිස් කොස්තාපල්වරයා පමණක් සමථ මූල මණ්ඩලයට පැමිණි අතර, නීතිඥ ගුණරත්න වන්නිනායක නොපැමිණි බව ය.

පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනය මගින් පටිගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී තැටිය හා බන්ධනාගාර බස් රථයේ ඇති කැමරාවෙන් පටිගත වී ඇති දර්ශන ඇතුළත් ඩීවීආර් යන්ත්‍රය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට ද විමර්ශන නිලධාරීහු ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනියගෙන් ඉල්ලා සිටියහ.

ගුණරත්න වන්නිනායකගේ නීතිඥයා අධිකරණය හමුවේ කළ ප්‍රකාශය

එහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මෙසේ පැවසී ය.

"මැතිනියනි, සිද්ධිය වූ අවස්ථාවේදී එය පටිගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී පට සමග සිද්ධිය පටිගත කරන ලද කොස්තාපල්වරයාට අයත් ජංගම දුරකතනය ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ යුතු යි. ජංගම දුරකතනය රස පරීක්ෂක වෙත ලබා නොදෙන්නේ නම් මෙම පටිගත කරන ලද තැටි ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අප විරුද්ධ යි. රජයේ රස පරීක්ෂකවරයා වෙත මෙම සීඩී තැටි යොමු කරන්නේ නම් එය පොලිස් නිලධාරීන් නොව අධිකරණ නිලධාරියෙකු මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

පොලිසිය දැක්වූ ප්‍රතිචාරය

මෙහිදී විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ මෙසේ පැවසීය.

"මැතිනියනි, මේ වන විට පොලිස් කොස්තාපල්වරයා ස්ථාන මාරුවක් ලබා නුවර ප්‍රදේශයේ රාජකාරී කිරීම හා මෙම ජංගම දුරකතනය ඔහුගේ පෞද්ගලික දුරකතනය වීම නිසා එය රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු නොකළ අතර පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනය මගින් බාගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී පට තුනක් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා."

අධිකරණයේ නියෝගය

මෙම නඩුවට අදාළව එකී දර්ශන ඇතුළත් වීඩියෝ සාක්ෂි ප්‍රබල සාක්ෂියක් වන බවත් අදාළ සීඩී තැටි හා ඩීවීආර් යන්ත්‍රය අධිකරණ රෙජිස්ටර්වරයා විසින් නම් කරන ලද අධිකරණ නිලධාරියෙකු විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට අදාළ ජංගම දුරකතනය ද පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් ඇත්තේ ද යන්න අධිකරණ නිලධාරියා මගින් එදින ම සංදේශයක් මගින් අධිකරණයට දන්වන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

ඒ අනුව, සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකට එරෙහිව ඇති නඩුව පෙබරවාරි මස 02 වන දින නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව ඇති නඩුවේදී පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාර නිලධාරියා සම්බන්ධයෙන් මානසික රෝග වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පසුගිය ඔක්තෝබර් 10 වන දින බන්ධනාගාර අධිකාරිවරයාට කරන ලද නියෝගයට අනුව වෛද්‍ය වාර්තාවක් මෙතෙක් අධිකරණය වෙත නොලැබී ඇති අතර අධිකරණ නියෝගය ක්‍රියාත්මක කර ඇත් ද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙම අධිකරණය වෙත නොවැම්බර් 19 වන දින ලිඛිතව කරුණු වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

කොස්තාපල්වරයාගේ මානසික සෞඛ්‍යය පිළිබඳ වාර්තාව

එහිදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කමල් සිල්වා මෙසේ පැවසීය.

"මැතිනියනි, පොලිස් කොස්තාපල්වරයා මේ වන විටත් නුවර ප්‍රදේශයේ පොලිස් රාජකාරියේ නියුතුව සිටින හෙයින් ඉතාමත් ඉක්මනින් මානසික රෝග සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාව කැඳවන ලෙසට ඉල්ලා සිටිනවා."

ඒ අනුව එම නඩුව නැවත නොවැම්බර් මස 19 වන දිනට කැඳවීමට නියමිතයි.

| බීබීසී සිංහල
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගුණරත්න වන්නිනායක සමථ වෙන්න බැහැ කියයි: කොස්තාපල්වරයා සහ නීතිඥවරයා ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු | The Leader