The Leader News
BREAKING
Top Ad
පුවත්

අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

T

The Leader Desk

November 17, 2025 • 4:19 PM

අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවදුරටත් පවත්වාගෙන යෑමට අවසර නොදීම අද දින නිෂ්ප්‍රභා කරන ලදී.
  • තවද, එම නඩුවල තීන්දුවලට විරුද්ධව මහාධිකරණයේ ගොනු කරන ලද ඇපෑලයේ තීන්දුවද, මහේස්ත්‍රාත්ගේ තීන්දුව තවදුරටත් තහවුරු කොට ඇති බවයි.
  • ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද මෙම චෝදනාව පදනම් රහිත එකක් බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
  • එපමණක් නොව මෙම කාරණා පිළිබඳවම, නිවාඩ් කබ්රාල් ට විරුද්ධව අභියාචනාධිකරණයේදීත් වෙනත් පුද්ගලයෙකු විසින් නඩුවක් ගොනු කරන ලද අතර, එම නඩුවෙන්ද කබ්රාල් වැරදිකරුවෙක් නොවෙන බවට සනාථ වී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවදුරටත් පවත්වාගෙන යෑමට අවසර නොදීම අද දින නිෂ්ප්‍රභා කරන ලදී.

තීනියාවල පාලිත හිමියන් විසින් ගොනුකර තිබු එම පෙත්සම අද දින අගවිනිසුරු පද්මන් සූරසේන ඉදිරියේදී විභාගයට ගනු ලැබිය.

2014 වසරේදී රජයේ අණ පරිදි මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ඉමාඩ් සුභේරි නමැති ඇමෙරිකානු ජාතික පුද්ගලයෙකුට අයත් ඇමරිකාවේ ප්‍රචාරක කටයුතුවල යෙදෙන සමාගමකට, ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද ගෙවීම නීති විරෝධී යයි චෝදනා කරමින්  තීනියාවල පාලිත හිමියන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණ.

 තවද, එම ගෙවීම සඳහා එවකට කටයුතු කළ මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  වගකිව යුතු යැයිද, එම ගෙවීම හරහා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ යයිද පාලිත හිමියන් චෝදනා කර තිබිණ.

අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම නඩු කටයුත්ත විභාග කරන ලද අවස්ථාවේදී, අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් පවසා සිටියේ මෙම කරුණ පිළිබඳව දැනටමත් මහේස්ත්‍රාත් අධිකරණ දෙකකදීම නඩු විභාග කරන ලද අතර එම නඩු වලින් නිවාඩ් කබ්රාල් වැරදිකරුවෙක් නොවෙන බවට දැනටමත් සනාථ වී තිබුණු බවයි. තවද, එම නඩුවල තීන්දුවලට විරුද්ධව මහාධිකරණයේ ගොනු කරන ලද ඇපෑලයේ තීන්දුවද, මහේස්ත්‍රාත්ගේ තීන්දුව තවදුරටත් තහවුරු කොට ඇති බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද මෙම චෝදනාව පදනම් රහිත එකක් බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එපමණක් නොව මෙම කාරණා පිළිබඳවම, නිවාඩ් කබ්රාල් ට විරුද්ධව අභියාචනාධිකරණයේදීත් වෙනත් පුද්ගලයෙකු විසින් නඩුවක් ගොනු කරන ලද අතර, එම නඩුවෙන්ද කබ්රාල් වැරදිකරුවෙක් නොවෙන බවට සනාථ වී තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අද දින විභාග වූ නඩුවේදී, නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද කරුණු ඉදිරිපත් කරන ලද අතර තීනියාවල පාලිත හිමිගේ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කසීම් ගේ කනිෂ්ඨ නීතීඥ විසින්ද කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙම කරුණු සියල්ලම සලකා බැලීමෙන් පසුව අගවිනිසුරු පද්මන් සූරසේන, විනිසුරු මහින්ද සමයවර්ධන සහ විනිසුරු සම්පත් විජේරත්න  ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණ මණ්ඩලය විසින් මෙම නඩු කටයුත්ත තවදුරටත් පවත්වගෙන යෑමට අවසර නොදීම, නඩුව අවසන් කරන ලදී.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...