වරප්‍රසාදයන් හා දීමනාවන් ලබාදීම සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාරය සහ අදාළ පර්ශ්ව සමඟ එක්ව සාකච්ඡා කරන බවත්, මෙම ප්‍රශ්න විසඳිය යුත්තේ කුමන කාලරාමුවකට යටත්වද යන්න සොයා බලා ඉක්මනින් විසඳුමක් ලබාදීමට එකඟවන බවත් ජනාධිපතිවරයා සහතික වූයේ යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
අයවැය තුන්වනවර කියැවීම තුළ ඇතුළත් විය යුතු වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න මොනවාද? අයවැයෙන් පිටත ලබා දිය හැකි විසඳුම් මොනවාද යන්න විමසා බලා විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පොරොන්දු විනැයිද හෙතෙම පැවසුවේය.
වෛද්‍යවරුන් දුෂ්කරතා මැද සිදුකරන සේවාව අගය කළ බවත්, ජනාධිපතිවරයා ඊට සිය ප්‍රසාදය පළකරමින් එය අගය කළ බවත් වෛද්‍යවරුන් රටතුළ රදවා ගැනීමට ගතහැකි සෑම පියවරක්ම ගැනීමට අවධානය යොමුකරන බවත් මෙහිදී ජනාධිපතිවරයා එකඟ වූ බවත් වෛද්‍ය චමිල් පැවසුවේය.
මෙහිදී වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනා යාවත්කාලීන් කිරිම, වෛද්‍යවරුන්ට ගෙවන අමතර දීමනාව ස්ථාවර දීමනාවක් කිරීම, වෛද්‍යවරුන්ට සුවිශේෂී වූ වැටුප් ව්‍යුහයක් සහ සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා අවධානය යොමුකරන බව මෙහිදි පොරොන්දු විනැයිද හෙතෙම කීය.
කෙසේ නමුත් වෛද්‍යවරුන් අද (17) සිට ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් පිලිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් එම ක්‍රියාමාර්ගයන් කිසිදු වෙනසක් නොමැතිව ඉදිරියට කරගෙන යන බවත් වෛද්‍ය විජේසිංහ අවධාරණය කළේය.
කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේ ගනු ලබන වෘත්තීය ක්‍රියාමාරගයන් කුමක්ද යන්න පිලිබඳව විධායක සභාව රැස්ව අද සවස තීරණය කරන බවද හෙතෙම පැවසුවේය.
ජනපති සමඟ සාකච්ඡාවේ ප්‍රතිඵල ලැබෙන තුරු වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට
T
The Leader Desk
November 17, 2025 • 4:22 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අයවැය තුන්වනවර කියැවීම තුළ ඇතුළත් විය යුතු වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න මොනවාද?
- අයවැයෙන් පිටත ලබා දිය හැකි විසඳුම් මොනවාද යන්න විමසා බලා විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පොරොන්දු විනැයිද හෙතෙම පැවසුවේය.
- වෛද්‍යවරුන් දුෂ්කරතා මැද සිදුකරන සේවාව අගය කළ බවත්, ජනාධිපතිවරයා ඊට සිය ප්‍රසාදය පළකරමින් එය අගය කළ බවත් වෛද්‍යවරුන් රටතුළ රදවා ගැනීමට ගතහැකි සෑම පියවරක්ම ගැනීමට අවධානය යොමුකරන බවත් මෙහිදී ජනාධිපතිවරයා එකඟ වූ බවත් වෛද්‍ය චමිල් පැවසුවේය.
- මෙහිදී වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනා යාවත්කාලීන් කිරිම, වෛද්‍යවරුන්ට ගෙවන අමතර දීමනාව ස්ථාවර දීමනාවක් කිරීම, වෛද්‍යවරුන්ට සුවිශේෂී වූ වැටුප් ව්‍යුහයක් සහ සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා අවධානය යොමුකරන බව මෙහිදි පොරොන්දු විනැයිද හෙතෙම කීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



