ඔහු ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පළ කළේ ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය පිළිබඳ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.
ජාතිවාදයට උඩගෙඩි දීමක්
රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්‍රමුඛස්ථානයක් හිමි වෙන බව එහි දෙවැනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. බුද්ධශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම මෙන්ම අනෙකුත් ආගම්වලට නිසි ස්ථානය ලබා දීම ගැනත් එහි සඳහන්. එවන් අවස්ථාවක 1951 වසරේ ආරම්භ වු ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය 2010 බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර පූජා භූමි ඔප්පුවක් පිරිනමා තිබෙනවා. මෙහි බෞද්ධාගමට අදාළ සියලු කාර්ය ඉටු කිරිමට නිදහස ලබා දී තිබෙනවා. එය රටේ නීතිය වුනත් අද ඒ පූජා භූමියට පොලිසිය ඇතුළු වී බුදුපිළිමය තියන තැන, දහම් පාසල් ගොඩනැගිලි ඉදිකළ යුතු තැන් ගැන නියෝග නිකුත් කර තිබෙනවා. මෙවැනි කටයුතු හරහා ජන සමාජය තුළ ජාතිවාදී බලපෑම් කරන්න සූදානම් අයට එවැනි ජාතිවාදි අදහස්වලට උඩගෙඩි දීමක් වෙවෙනවා.
රජය උත්තරීතර නීතිය නොදන්නේ ද...?
මේ සම්බන්ධයෙන් ගැටලුවක්, ප්‍රශ්නයක් ඇත්නම් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් හමුවී සාකච්ඡා මාර්ගයෙන් කටයුතු සිදුවිය යුතු යි. මහරෑ පොලිසිය යවා සංවර්ධන කටයුතු කඩාකප්පල් කරන්න බැහැ. මේ නියෝග කාගේද කියා ඉදිරිපත් කරන්න. රජය උත්තරීතර නීතිය නොදන්නේ නම් නැවත වරක් කියවන්න. මේ ගැන දයාසිරි ජයසේකර මහතා මේ සභාවේ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ඉල්ලා සිටින විට කතානායකවරයා එය වැළැක්වීම වැරදියි. ජාතික ගැටලුවක් මතුව ඇති මොහොතේ රටේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමේ අයිතිය මන්ත්‍රීවරුන්ට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අහුරන්න කතානායකවරයා කරන ක්‍රියාවලිය නතර කරන්න.
ගොවියා නොරවටා පොහොර සහනාධාරය දෙන්න
අදටත් මහකන්නයේ වැඩ ආරම්භ කර තිබිය දී රජයට පොහොර සහනාධාරය දෙන්න නොහැකි වී තිබෙනවා. මෙය නොදන්නේ නම් කෘෂිකර්ම ඇමතිවරයා මේ ගැන තලාවේ, රාජාංගනයට ගොස් සොයා බලන්න. පසුගිය කාලයේ මේ සහනාධාර දුන්නේ වගා කටයුතු අවසන් වන විටයි. මෙය ක්‍රමයේ වෙනස ද කියා ප්‍රශ්න කරනවා; ගොවියා රැක ගන්නේ මේ ආකාරයට ද කියා රජයෙන් ප්‍රශ්න කරනවා. මේ ආකාරයෙන් ගොවියා රවටන්නේ නැතිව වහාම නියමිත දිනට පොහොර සහනාධාරය ලබා දෙන්න.
හදීසි මරණපරීක්ෂකවරුන්ට ගෙවන මුදල් වැඩි කරන්න
රට තුළ හදිසි මරණ පරීක්ෂකවරු 500ක් පමණ සිටිනවා. මොවුන්, සතියේ දින හතේ ම පැය 24 ම රාජකාරී කරනවා. මොවුන්ට ලැබෙන්නේ සැතපුමට රු.6ක ගමන් දීමනාවක් විතරයි. මරණයකට ලබා දෙන්නේ රු. 1000ක් වුනත් වියදම රු. 1700 ඉක්මවනවා. වසර 7ක් පමණ මෙය යාවත්කාලීන කර නැහැ. 2019 කැබිනට් පත්‍රිකාවක් හරහා රු. 1000 රු. 2500ක් කරන්න අනුමත වුනත් තවමත් ක්‍රියාත්මක නැහැ. ලිපිද්‍රව්‍ය සහන නැහැ. කොළ 39ක් පුරවන්න තියෙනවා.
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු විසඳන්න
අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල ශක්තියක් වූ ගුරු සංවර්ධන නිලධාරීන් 16600ක් ඊයේ සවස සිට තවදුරටත් කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ සිටිනවා. මොවුන්ට ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් තිබෙනවා. මැතිවරණ සමයේ මොවුන්ට පත්වීම් දෙනවා කියා අන්තිමේ කතිරය අරන් මොවුන් රැවටුවා. සමථකරණ තීන්දුවක් පවා තිබිය දී ඒ යුතුකම ඉටු කරන්න නොහැකි ඇයි ද කියා තවමත් ගැටලුවක් පවතිනවා.




